මළගිය ඥාතීන් ගෙන්වූ කපුවා කපෝති – ප්‍රභාශා ගෝල්ඩන්

දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනාකමකින් යුත් රන් සහ ගෘහ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර පොලිස් අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
හොරණ ප්‍රදේශවාසීයෙක් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මහරගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලින්ද මෙසේ වංචාකිරීම් කර ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වංචාකල රන්ග්‍රැම් 300 ක් පමණ සහ වංචාකල මුදලින් මිළදීගත් රෙදිසෝදන මැෂින් 2 ක්, ශීතකරණ 2 ක්, පුටු සෙට් , කණ්නඩි මේස, ත්‍රිරෝද රථයක් ඇතුළු ගෘහ උපකරණ රැසක් සහ පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .