ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල මහනුවර දිගන දී – නිලංක ඉහිල්ලගොල්ල

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සැමරුම් උළෙල මෙවර මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනය කේන්ද්‍රගත කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) වන දින පැවැත්විණ.
1894 වසරේ ජූනි මාසයේදී පැරිසියේ සෝබෝන්හිදී ආරම්භ වූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මේ වනවිට වසර 130ක් සම්පූර්ණ වී ඇති අතර ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් පැවැත්වෙන වර්ෂයක මෙවර ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල සංවිධානය වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන් ලොව පුරා රටවල් 207 ක් සංවිධාන කරනු ලබන අතර පාරිසරික , සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන්වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හා මධ්‍යම පළාත් සභාව එක්ව මෙවර ජගත් ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබු අතර මෙයට සමගාමිව අශ්වයන් පැදීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් , පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද චිත්‍ර සහ අත්කම් තරගයක් , පාසල් දරුවන් වෙනුවෙන් අභියෝගතා බාධක තරගයක්, පරිසරය සුරැකීම වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණ.
ඔලිම්පික් දින සංස්කෘතිකාංග ඇතුළත් පා ගමනක් කුණ්ඩසාලේ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී දිගන පළාත් සභා ක්‍රීඩාංගනය වෙත පැමිණියේ වත්තෙගම අධ්‍යාපන කලාපයේ පාසල් 10ක දරුවන් 1000 කගේ සහභාගිත්වයෙනි.
ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කරන ලද මෙම සැමරුම් උත්සවය සදහා ප්‍රංශ තානාධිපති කාර්යාලයේ සංස්කෘතික සහයෝගිතා සම්බන්ධීකරණ නිලධාරි ඔලිවියා බෙල්මෙයා , ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා , ජාතික ඔලිම්පික් කමිටු උප ලේකම් සුරන්ජිත් ප්‍රේමදාස , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් , ජාතික තලය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද සහභාගී වුහ.