හලාවත රෝහලට කෘතීම පෙනහල්ලක් දුන් සිංහයන් – හිරුනි ලක්ෂිකා

හලාවත මහා රෝහලට කෘතීම පෙනහල්ලක් ( ළමා වෙන්ටිලේටර් යන්ත්‍රයක් ) ලබා දීමට සිංහ දිස්ත්‍රික් 306 B 1 සිංහ සමාජය කටයුතු කර ඇත .පසුගියදා මේ යන්ත්‍රය භාර දීම හලාවත මහා රෝහලේ නොමේරු ළදරු එකකදී සිදු කැරිණි .
මේ යන්ත්‍රයේ වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ 150ක් බව සිංහ සමාජය පැවසිය .
මේ සදහා ජාත්‍යන්තර සිංහ සමාජයේ හා සිංහ සමාජයේ සාමාජිකයන්ගේ පෞද්ගලික මුදල්ද ලබා දී ඇත .
මේ අවස්ථාවට සිංහ සමාජයේ නිලධාරීන් හා හලාවත මහා රෝහලේ කාර්ය මණ්ඩලය එක් වන ලදී .