යළ කන්නය සඳහා උඩුගොඩ බණ්ඩාර ඇළේ දියවර නිකුත් කිරිම අද – නදීක දයා බණ්ඩාර

 

මෙවර යළ කන්නය සඳහා කුණ්ඩසාලේ,  උඩුගොඩ බණ්ඩාර වැවේ දියවර නිකුත් කිරීම අද (05) පෙරවරුවේ සිදුවිය.

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලත්වයෙන් තෙවැනි වන වාරි ව්‍යාපාරය වන උඩුගොඩ බණ්ඩාර ඇළ වාරි ව්‍යාපෘතිය අක්කර 450ක යල, මහ සහ අතුරු කන්නයක වගාවකින්  සමන්විතය.

යළ කන්නය සඳහා මාස තුනක වී, බෝංචි, මෑ, වට්ටක්කා, බටු හා තක්කාලි ඇතුලු එළවළු වගා කිරීම මෙම කන්නයේදී සිදුවන අතර එම වගාවන් සඳහා ජලය නිකුත් කිරීම පෙරවරු 10.02ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

මහනුවර කලාපීය වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙර කන්න රැස්වීමේ ගන්නා තීන්දු අනුව ජලවර නිකුත් කෙරේ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුවූ එම අවස්ථාව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එම අවස්ථාව සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහඇල්ල මහත්මිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා විරකෝන් මහත්මිය, මහනුවර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ සුදත් ගමගේ යන මහත්වරු ඇතුලු නිලධාරීන් ද ගොවි සංවිධාන සභාපතිවරු හා නියෝජිතයන් ද සඳභාගීවූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *