උසස් පෙළ සිසුන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් – නදීක දයා බණ්ඩාර

උසස් පෙළ දූ දරුවන් සඳහා සිව් මාසික වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කොට තිබේ.
දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාශයක් ම ආවරණය වන පරිදි පාසල් 299ක් නියමු ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් විසිපන්දහසක් පුහුණු කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධව දරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සිදුකරන අතර එම කටයුතු පාසල් වේලාවෙන් පසුව සිදු කෙරේ.
මෙම පුහුණු වැඩසටහන යටතේ වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත් වන තොරතරු තාක්ෂණය සහ ඉංග්‍රීසී භාෂාව කරා ප්‍රධාන වශයෙන් යොමු කරන අතර මෘදු කුසලතා වර්ධනය කර ගැනිම අරමුණු කර ගත් පාඨමාලා සහ වෘත්තිය අධ්‍යාපනයට අදාල මූලික ක්ෂේත්‍ර හතරක් ආවරණය වන පරිදි පාඨමාලා කරා දරුවන් යොමු කිරීම සිදුවේ.
එහි මධ්‍යම පළාත් සමාරම්භක උත්සවය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලාතුඔය හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේදී සිදුවූ අතර එම අවස්ථාව සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානී මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමාරච්චි මහතා, විදුහල්පති කපිල ප්‍රියන්ත මහතා, මහනුවර දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී ධම්මික වීරසිංහ මහතා, පාතහේවාහැට නිපුණතා සංවර්ධන නිලධාරී නදීෂානී කුමාරි මහත්මිය ඇතුලු පිරිසක් එක්විය.