අනාගතයේ දී මානව හිමිකම් තහවුරු කරන්නට ප්‍රබල මහජන මතයක් ඇතිකර ගත යූතුයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් — මෙලනි මානෙල් පෙරේරා

“අපි අපේක්‍ෂා කරන යහපත් රටක් බිහි කරගන්නට නම්, මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ආයතන ශක්තිමත් කරන්න මේ රටේ නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕනේ. ඒ සඳහා අප සියලුම දෙනා ක්‍රියාකළ යුතුව තිබෙනවා. නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනීම සඳහා අපි සියලුම දෙනා හඩක් නැගිය යුතුයි. අපි දන්නවා මහජන මතය කෙතරම් බලවත් ද කියලා. මහජන මතය ප්‍රබල වන තරමට ඉතාම නරක දේශපාලනඥයෙක් වුනත් මහජන මතයට හැරෙනවා. ඒ නිසා මම මෙතන සිටින හැමදෙනාටම ආරාධනා කරනවා මේ මහජන මතය ඇතිකරමු කියලා.” යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ, මහනුවර පදවියේ මානව හිමිකම් කාර්යාලය සිය දූත මෙහෙවරේ 15 වෙනි වසර සම්පූර්ණ කිරීමේ සහ 2023 මානව හිමිකම් දිනය නිමිති කරගනිමින්, දෙසැම්බර් 19 වෙනිදා පස්වරුවේ දී (7.00) පවත්වන්නට යෙදුණු සැමරුම් උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

“පොලීසිය භාරව සිටින ඇමතිවරයා මෙවැනි ක්‍රියාවන්වලට දිරිගන්වමින් වෙඩි තැබුවාට , ඝාතනය කළාට කමක් නැහැ කියන පණිඩුඩය පොලිසියට ලබාදීමේදී මේ රටේ මානව හිමිකම්වල අනාගතය කුමක්ද?” යැයි ඔහු ප්‍රශ්න කළේය.
“පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ධූරයට පත්කරන්න ඕනේ කැලැල් නැති පුද්ගලයෙක් . ඒ සඳහා මේ රටේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වගකීමක් , යුතුකමක් තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් නිවරැදි පත්කිරීම් සිදුකරන්න”යැයි කීවේය.
” මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකරන්න නීතිඥ ප්‍රජාව වැදගත් කාර්යක් ඉටුකරනවා. ඒ වගේම තමයි නීතිඥවරු වන අපෙත් වගකීමක් තියෙනවා අධිකරණ ක්‍රමය තුළ නීතිඥවරුන්ගේ තිබෙන වැරදි අඩුපාඩු නිවරැදිකර ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් හඩක් නගන්න. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි කථාකරනවා වගේම වගකියන අධිකරණයකුත් තියෙන්න ඕනේ. නිතිඥයින් විධියට ඒ වෙනුවෙනුත් අපි හඩක් නගන්න ඕනේ.” යැයි නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් පැවසීය.
ලංකාවේ මානව හිමිකම්වල අනාගතය අරක්ෂා වෙන්නේ මෙ රටේ ආයතන ශක්තිමත් වුනොත් පමණක් බවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාවුනොත් පමණක් බවත් සිහිපත් කළ ඔහු, ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ගැලවුම්කාරයෙකු පැමිණෙන තෙක් බලා නොසිට නිවරැදි නායකයෙක් තෝරාගැනීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බව ද පැවසීය.“ඒ සඳහා මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ආයතන ශක්තිමත් කරන්න මේ රටේ නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕනේ. නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනීම සඳහා අපි සියලුම දෙනා හඩක් නැගිය යුතුයි. අපි දන්නවා මහජන මතය කෙතරම් බලවත් ද කියලා. මහජන මතය ප්‍රබල වන තරමට ඉතාම නරක දේශපාලනඥයෙක් වුනත් මහජන මතයට හැරෙනවා. ඒ නිසා මම මෙතන සිටින හැමදෙනාටම ආරාධනා කරනවා මේ මහජන මතය ඇතිකරමු කියලා” යනුවෙන් ඔහු දැඩිව ඉල්ලා සිටියේය.
එමෙන් ම, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න, මේ රටේ පොලීසිය සහ විධායකය විසින් සිදුකරන අනේතික ක්‍රියාවලට විරුද්ධව හඩක් නගන්න අවශ්‍ය බව ද සඳහන් කළ ඔහු, පොලීසියේ සිටින අවංකව, නීති ගරුකව කටයුතු කරන්න කැමැත්ත ඇති බොහෝමයක් නිළධාරීන්ව ද ශක්තිමත් කිරීම අවැසි බව පැහැදිළි කළේය.
“ඒ අයව ශක්තිමත් කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් අපි ආරක්‍ෂාකර ගන්නට අවශ්‍යයි. එසේ වුනොත් පමණයි අනාගතයේදි මානව හිමිකම් අපේ රට තුළ තහවුරුකරගන්න පුලුවන් වෙන්නෙ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.මානව හිමිකම් සුරැකීමේ දුෂ්කර ගමනේ සැළකිය යුතු කාර්ය භාරයක් ඉටු කරමින් , ‘මානව ගරුත්වය’ ආරක්‍ෂා කිරීම සඳහා මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක නන්දන මනතුංග පියතුමා ඇතුලු කාර්ය මණ්ඩලය වසර 15ක් පුරා සිදුකර ඇති උතුම් කාර්යයට සිය දැඩි කෘතඥතාව පළකරමින්, ආරම්භ කරන්නට යන 16වන වසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම තුළින් තවදුරටත් මානව හිමිකම් තහවුරු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කළේය.
15 වසරක මානව හිමිකම් සුරැකීමේ දූතමෙහෙවර වෙනුවෙන් තුතිදීමේ දේව මෙහෙය දෙසැම්බර් 19 වෙනිදා පස්වරු 4.30ට මහනුවර , කුණ්ඩසාලේ පාතිමා ආසන දෙව්මැදුරේදී, මහනුවර පදවි රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
