නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි කියුබානු තානාපතිවරයා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවේ. – නදීක දයා බණ්ඩාර

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර දශක හයකට අධික සබඳතාව තවදුරටත් රැක ගන්නා බව ශ්‍රී ලංකාවේ කියුබානු තාතාපති අන්දරේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (H.E Andres Marcelo Gonzalez Garrido) මහතා පවසයිත

කුමන අභියෝග  පැමිණියත් දෙරටේ මිත්‍රත්වයට කිසිදු අයුරකින් බාධාවක් නොපැමිණි බව කියුබානු තානාපතිවරයා තවදුරටත් පැවසීය.

නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි තානාපතිවරයා අද (28)  පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ කියුබානු ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳව සාකච්ඡා කළ ඒ මහතා කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කළ බව කීවේය. එම වසංගත තත්ත්වයෙන් මිදීම සහ ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටීම ප්‍රසංසනීය යැයිද ඒ මහතා කීවේය.

කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය අතින් ශ්‍රී ලංකාවට ආදායම් ඉපැයිය හැකි තත්ත්වයක් පවතින බවද තානාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කියුබාව සැලකිය යුතු දායකත්වයක් දුරාතීතයේ සිටම ලබාදී ඇති බව සිහිපත් කළේය. මධ්‍යම පළාත සංචාරක ක්ෂේත්‍රයට තෝතැන්නක් යැයි කී ඒ මහතා ඉදිරියේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව දියුණු කිරීම රජයේ එක් අරමුණක් යයි ද කීවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම හමුවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed