සිව් මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍ය අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී

ශ්‍රී දළදා මාලිගාවේ සිව් මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍ය වන කාර්තික මංගල්‍ය අද (26) ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට පැවැත්විණි.

වාර්ෂිකව සිදුකරන සතර මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍ය එය වන අතර ඉල් මස පුර පසළොස්වක පෝය දින එය සිදු කෙරේ.

දුරුතු මස යෙදෙන අලුත් සහල් මංගල්‍ය, බක් මස යෙදෙන අවුරුදු මංගල්‍ය, ඇසළ මස යෙදෙන පෙරහැර මංගල්‍ය මෙන්ම ඉල් මස යෙදෙන කාර්තික මංගල්‍යෙය් සුවිශේෂත්වයක් වන්නේ පෞරාණික චාරිතානුකූලව ප්‍රදීපාලෝක පූජාව පැවැත්වීමයි.

කාර්තික මංගල්‍යයට පෙර දිනයේදී ප්‍රදීපාලෝක පූජාව සඳහා තෙල් බෙදාදීම ද චාරිත්‍රානුකූලව සිදුවේ.

කාර්තික මංගල්‍යය ආරම්භ කරමින් දළදා මාලිගා චතුරස්‍රයේ  සාධාතුක කරඬුව පෙරහරකින් වැඩම කෙරෙන අතර මෙවර සාධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ දළදා මාලගාවේ ඇත්පන්තිය නියෝජනය කරන සිංහ රාජා ඇතු විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *