සිවුරු පඬු පොවනවා දැකලා තියෙනවා ද ? 1985 න් පසු ව ඉපැරණි පඬු පෙවීමේ ක්‍රමය නවක සිසු සිසුවියන්ගේ අධ්‍යයනයට -.චන්දන ජයවීර  හැටන්

 

මේ කඨින චීවර පුජා පිංකම් පවත්වන කාලයයි .වස්කාලය අවසන් වන පෝය දිනයේ දී විහාර වාසි ව වැඩ වසන සංඝයාවහන්සේ නමක් උදෙසා දායක දායිකාවන් විසින් ම පිළියෙල කරන ලද සිවුරක් පුජා කිරමින් විවිධ ආගමික වතාවත් සිදු කිරිම කඨින පිංකම ලෙසින් සිදුකෙරේ.

පුරාණයේ සිට සිවුරු මැසීමට ගන්නා රෙදි ගෙනවිත් කපා ,පඬු පොවා මසා සකස් කල සිව්රු පුජා කිරිම සිදු කල ද , සියල්ල වාණිජකරණය වීමත් සමග පුජා භාණ්ඩ අලෙවි සැලෙන් සිවුර ගෙනවිත් පුජා කරමින් පිංකම් පැවැත්වීම වර්තමානයේ පිළිවෙත වී තිබේ .

ඒ අතීත ක්‍රමවේදය වත්මන් සිසු සිසුවියන්ට අධ්‍යයනය කිරිම සදහා අවස්ථාව සලසමින් මෙවර කඨින පිංකම සදහා සිවුරු රෙදි ගෙනවිත් කපා ,මසා පඩු පොවන ආකාරය පිළිබදව අත්විඳින්නට අවස්ථාව සලසා දීමට හැටන් නිග්‍රෝධාරාම  විහාරස්ථානයේ දායක දායිකාවන් පියවර ගෙන තිබින .විහාරස්ථානාධිපති මැදරට ප්‍රධාන සංඝ නායක දර්ශනපති මහගම විමල නායක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි  මහනුවර ,දෙව්රම භාවනා මධ්‍යස්ථානයේ, වාද්දුවේ අරණවිහාරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී .

පඩු පෙවීම සදහා කපු රෙදි භාවිතා කරන අතර ඒ සදහා සුදු කපු රෙදි හෝ තායි සිවුරු  රෙදි භාවිතයට ගැනේ .කඩ (කොටස්) 5 අවම වශයෙන් හෝ 7,9,12 හා දහස් කඩ වශයෙන් සිවුරු නිර්මාණය කෙරේ.

ප්‍රදේශවාසීන් වැඩිහිටියන් හා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් ගෙන ආ රෙදි රෝල කපා “ගිවා වාටිය ,ජංගා වාටිය හා මුට්ටි පංචකය” සහිත වන ලෙස මැසීම සිදු කෙරින.

මහෝගනි,කොස්,කුඹුක්,නුග ආදි ගස්වල පොතු හා පඬු වර්ණක කුඩු භාවිතා කරමින් පඩු පෙවීම සිදු කරනු ලබයි.

පඬු පෙවීම සාමාන්‍යයෙන් පඬු ඔරුවේ ගිල්ල වීමෙන් සිදු කරන අතර මෙම ප්‍රදේශවල එවන් පහසුකම් නැති නිසා විකල්ප ක්‍රම භාවිතා කරන ලදි .මෙසේ දරු දැරියන් හා ජන සහභාගිත්වයෙන්  පඬු පොවා ගනු ලැබු සිවුර පවනේ වියලා ගැනීම සිදු කරන ලදී  .

පඬු පොවන ලද සිවුර පෙරවීම නිසා  “මැසි ,මදුරු,කෘමි හා සර්පයින්ගෙන්” ආරක්ෂාව සැලසෙනු ලැබෙන බවද විශ්වාස කෙරේ .එමෙන්ම සිවුරක් පරිපුර්ණත්වයකට පත් වන්නේ හා අධිෂ්ඨානශීලයේ පිහිට වනු ලබන බව ද සංඝයා වහන්සේ පැවසීය .

මෙසේ හැටන් නගරයේ කඨින චීවර පුජා පිංකමක් සදහා  පඬු පොවමින් සිවුරක් සකසා ගනු ලැබුවේ වසර 38 ට පසුවය .එම අවස්ථාව වත්මන් දරු පිරිසට පාරම්පරික ක්‍රමවේදය අධ්‍යයනය කිරිම උදෙසා ම ක්‍රියාත්මක කර තිබින .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *