ඇට මිදුළු පිළිකා මාරකයෙන් අවු 3මාස 8 දරුවා බේරා ගැනීමට මහජන සහය පතයි -චන්දන ජයවීර හැටන්

ඇට මිදුළු බද්ද කිරිමේ මාරාන්තික පිළිකා රෝගයකින් පෙලෙන වයස අවුරුදු 3 යි මාස 8 ක් වයසැති තම සිගිති දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබෙන පුද්ගලයන්ගෙන් හෝ ආයතනයක සහයෝගය අපේක්ෂා කෙරේ .
හැටන් සමනළ ගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන සිත්ති රුස්නා හා ඉර්ෂාඩ් අයැද සිටිති .දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වන ඔවුන්ගේ තෙවන දරුවා තාහිර්ය .ඔහුගේ වයස අවුරුදු තුනයී මාස අටකි .ලේ පිලිකවෙකින් පෙලෙන ඒ දරුවා ට ඇට මිදුළු බද්ධ කිරිමේ සැත්කමක් කරන ලෙස මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ .එම සැත්කම රජයේ රොහල් වල සිදු කල නොහැකි නිසා නවලෝක පුද්ගලික රෝහල වෙත යොමු කල බව පවසයී.
නවලෝක රෝහලේ වෛද්‍ය නිර්දේශය අනුව මාස තුනක් ඇතුලත සැත්කම කිරිමට නිර්දේශ කර තිබෙන අතර ඒ සදහා වැය වන මුදල මිලියන 15 කි .හැටන් නගරයේ නාටාමි රැකියාවක නිරතව සිටින ඉර්ෂාඩ් හට එම මුදල සොයා ගැනීම කිසිසෙත් කල නොහැක්කකි .
එම නිසා ආධාර පත්‍ර මගින් මුදල් ඉපැයීම සිදු කරමින් සිටින අතර දැනටමත් ලබා දුන් කාලයෙන් මාසයක් ඉක්ම ගොස් තිබෙන මොහොතක දරුවාගේ ජීවිතයට බෙරා ගැනීමට ඔවුන් මහජන සහය පතමින් අයදියී .
ඉර්ෂාඩ් ගේ දුරකථන අංකය 0767532684