ජලය ජිවිතයක් බිලි ගනී -චන්දන ජයවීර – හැටන්

හැටන් – දරවල තේ වත්ත ඉහල කොටසේ පුද්ගලයෙක් ගංවතුර තත්ත්වය නිසා මිය ගිය බව ප්‍රදේශවාසීන් පවසති .
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි හැටන් ප්‍රදේශයට 10 වන දා සවස් කාලයේ ඇතිවුන අධික වර්ශාව හේතුවෙන් දරවල තේ වත්ත ඉහල කොටසේ මාර්ග පද්ධතිය හි නිවාස 10 ක් පමණ ජලයෙන් යටවිය .
එම අවස්ථාවේ එම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් හෘදයාබාධයක් ඇති වී තිබෙන අතර ඔහු රෝහල වෙත ගෙන යාමට ක්‍රමවේදයක් නොතිබු නිසා ප්‍රදේශවාසියන් දැඩි අසිරූතාවයකට පත්ව තිබේ. සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කලද එම රථයට නිවාස පිහිටි ස්ථානයට ලගා වීම අපහසු වී තිබුනේ ගංවතුර තත්ත්වය නිසා දික්ඔය ඇල හරහා වැටි තිබෙන පාලම ජලයෙන් වැසී තිබිම හේතුවෙන්ය .
එසේ මියගියේ දරවල වත්ත ඉහල කොටස ප්‍රදේශයේ පදිංචිව සිටි කදිරේශන් තම්භිනායගම් (64)
පසුව ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරමින් රෝගී පුද්ගලයා ගිලන් රථය අසලට ගෙන යන විටම රෝගියා මිය ගිය බව පවසයී .
එම මරණය සම්බන්ධයෙන් දික්ඔය තේ වතුයායේ පාලන අධිකාරියට චෝදනා කරන ඔවුන් පවසන්නේ ගංවතුර අවධානයෙන් මිදිම සදහා දික්ඔය ඇල මාර්ගය පුළුල් කර දෙන ලෙස වසර කීපයක සිට ඉල්ලීම් කලත් පියවරක් නොගැනීම නිසා ඔවුන් සෑම වර්ෂාකාලයක දීම මෙලෙස පිඩා විදින බවත් මෙම රෝගියා මිය යාමට හේතුවත් එය බවය .