ප්රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලබයි – නදීක දයා බණ්ඩාර
මහනුවර මහියංගණය ප්රධාන මාර්ගයේ කුණ්ඩසාලේ වරාපිටිය ප්රදේශයේ ප්රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
මාර්ගය අසල පිහිටි විශාල කොට්ට ගසක් පස්වරු 03.15ට පමණ ඇද වැටී තිබේ. මේ හේතුවෙන් මාර්ගය අසල තිබුණු කුඩා වෙළඳ සැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි සිටි තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර එහිදී එක් අයෙකු මරණයට පත්ව ඇත.
මහනුවර සිට දිගන ප්රදේශය දක්වා ගමන් කරමින් තිබුණු වෑන් රථයක් මතට ගසේ අතු වැටිී ඇති අතර එහි ගමන් කළ අයට ඉන් අනතුරක් සිදුව නොමැත.
පල්කැලේ පොලීසිය, පල්ලකැලේ රාජ්ය දැව සංස්ථාව හා එක්ව ගස ඉවත් කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් ප්රධාන මාර්ගය පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන් අවහිර වී පැවැතිණි.