“සිව්වැනි ආණ්ඩුවේ” නිරෝගී බව තහවුරු කරන්න අද පළමු පියවර ඇරඹේ!

“සිව්වැනි ආණ්ඩුව” ෙහවත් “ජනමාධ්‍යය”, රට වෙනුවෙන් සහ නීරෝගී, ඵලදායී, ශ්‍රී ලාංකීය ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනගි සේවාවක් ඉටුකිරීම අගයනු වස්, මාධ්‍යවේදීන්ගේ නීරෝගී බව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන PSSP සුව හමුව “තෙවැනි ඇසට – සුවය සදමු” සායන මාලාවේ පළමුවැන්න අද, ඔක්තෝබර් 20 සිකුරාදා දවස පුරා නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවැත්වෙන බව අලුත් සුව පුවත් වාර්තා කරයි.
PSSP සුව හමුව, “තෙවැනි ඇසට – සුවය සදමු” යන තේමාව ඔස්සේ බෝ නොවන රෝග හඳුනාගැනීමේ සායනය, ආයුර්වේද සායනය, විශේෂඥ වෛද්‍ය සේවය, උපදේශන සේවා සහ සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රදර්ශනයක් අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුවේදි පැවැත්වෙයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදීන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙදින වෙන්කර ඇත.
මෙම විශේෂ සායන මාලාවේ පළමුවැන්න අද දින ආරම්භ කරන අතර, රෝගී වීමට පෙර රෝගී වීමට ඇති අවදානම අඳුනා ගැනීමත් , අවදානම් සාධක පෙන්වා දීමත් සිය ප්‍රමුඛ අරමුණකර ගත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රථමීක සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සංගමය එක්ව ශ්‍රී ලංකා ජාතික රෝහල , සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෙසු ආයතන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනවල පූර්ණ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අලුත් සුව පුවත් සඳහන් කරයි.
උස බර මැනීම, ශරීර ස්කන්ධ දර්ශකය ගණනය, අවශ්‍ය උපදෙස් හා යොමුකිරීම, පෞද්ගලීක සෞඛ්‍ය වාර්තාව නිකුත්කිරීම, පෞද්ගලීක සෞඛ්‍ය අංකයක් නිකුත් කිරීම, රුධිර සීනි හා කොලෙස්ටරෝල් මට්ටම පරීකෂා කිරීම, ඊ.සී.ජී පරීක්ෂණ, දන්ත ෙවෙද්‍ය සේවා , අක්‍ෂි සේවා, පෝෂණ උපදේශන සේවා, ව්‍යායාම ආදර්ශනය උපදේශනය, සායනයේදී හෙලිවන කරුණු මත ඖෂධ ලබාදීම හා ඉදිරි කටයුුතු වෙනුවෙන් අදාල ආසන්නතම රෝහලට යොමු කිරීම, ආයුර්වේද සායනය හා ඖෂධ නිකුත් කිරීම, සුවනාරී වෛද්‍ය සායන සේවා, පැප් පරීකෂණ , පියයුරු පිළිකා හදුනාගැනීම, මානසික සෞඛ්‍ය සේවා , චර්ම රෝග , හෘද රෝග , ප්‍රජා වෛද්‍ය ඇතුලු විශේෂඥ වෛද්‍ය සේවය මෙම සායනය මගින් සපයනු ලැබේ.
ශ්‍රී ලාංකාවේ සියලු මාධ්‍ය ආයතන ආශ්‍රිතව මෙම විශේෂ සායන ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ලෝක බැංකු වයාපෘතිය බලාපොරොත්තු වන බවත් , මාධ්‍ය ආයතනන හා මාධ්‍ය සාංවිධානවල ඉල්ලීම් අනුව මෙම වැඩසටහන් මාලාව ඉදිරියේදී ඒ ඒ ආයතන පරිශ්‍රයන් හී සංවිධානය කරනු ලබන බවත් අලුත් සුව පුවත් වැඩිදුරටත් දන්වා සිටියි.
– මෙලනි මානෙල් පෙරේරා