‘ඩිජිටල් ප්‍රශ්නයකට ඇනලොග් පිළිතුරක් ලබාදෙන පනතට විරෝධය දක්වමු – ආචාර්ය රංග කලන්සූරිය’ – මෙලනි මානෙල් පෙරේරා

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගතකොට තිබෙන ඔන්ලයින් ආරක්‍ෂන පනත එනම් සමාජ මාධ්‍ය නියාමන පනත පිළිබඳව සිය විරෝධතාවය දැක්වීම සඳහා ඔක්තෝබර් 09ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකළ බව ආචාර්ය රංග කලන්සූරිය මාධ්‍යට ප්‍රකාශ කළේය.
“වෙන වෙනම ම පෙත්සම් තුනක් ගොණු වුනා. එකක් මගේ පෙත්සම. ඊගාවට යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්‍ෂක විජයානන්ද ජයවිර මහතාගේ පෙත්සම සහ මාධ්‍ය නීති සංසධය විසින් පෙත්සමක් ගොනු කළා.” යැයි ආචාර්ය රංග කලන්සූරිය කීවේය.
ඉදිරිපත්කර ඇති පනතෙහි ඇති අඩුපාඩු හුවා දක්වා ව්‍යවස්ථාවට අනුගත නැතිබවට තීරණය ගැනීමට හෝ සංශෝධනයට ලක්කල යුතුය යන ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා මෙසේ පෙත්සම් ඉදිරිපත් කළ බව ආචාර්ය රංග කලන්සූරිය සඳහන් කළේය.
ඩිජිටල් ප්‍රශ්නයකට ඇනලොග් පිළිතුරක් ලබාදෙන පනතක් යනුවෙන් මෙකී පනත හඳුන්වනු ලැබූ ආචාර්ය කලන්සූරිය, ඩිජිටල් ලෝකය ගැන කිසිදූ අවබෝධයක් නොමැතිව මිනිසුන්ගේ භාෂනයේ නිදහසට පමණක් නොව සිතීමේ නිදහස ට ද බාධා කරන පනත් කෙටුම්පතක් බව පෙන්වා දුණි.
මෙම පනත කිසිම උපදේශනයක් නොමැතිව පැමිණි පනත් කෙටුම්පතක් බවත් අඩුපාඩු සහිත බවත් තමන් ද පිළිගන්නා බව පනත කරළියට ගෙනා ටිරාන් අලස් ඇමතිවරයා විසින් ම පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී පිළිගත් බව ප්‍රකාශ කළ ආචාර්ය කලන්සූරීය, ඇමතිවරු තිදෙනෙක් අතර හුවමාරු වූ පනතක් පසුව කැබිනට් මණ්ඩලය විසින් ඉදිරියට ගෙනයාම සඳහා තමන්ට භාරදුන් බවත් ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රකාශ කළේ යැයි පැවසීය.අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් යම් ප්‍රමාණයකට මෙම කෙටුම්පතෙහි ඇති අඩුපාඩු සකස්කර ගන්නට හෝ ඉදිරි පියවර සකසා ගැනීමට තමන් එකග බැව් අලස් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
“මාධ්‍යවේදින්ට, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට ,මාධ්‍ය සමාගම්වලට යන හැමදෙනාටම විශාල බලපෑමක් වන පනතක් තමයි මේ පනත. විශේෂයෙන්, මිනිස්සුන්ට මුහුණු පොතේ ලයික් එකක්වත් දාන්න බැරිවන මට්ටමක් එයි. එවැනි තත්ත්වයකට මේ රට යායුතු නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළේය.
එමෙන්ම, පාකිස්ථානය වැනි රටවල පසුගිය වසරේදී මෙම නීතිය තුළ මාධ්‍යවේදීන් 26 දෙනෙකු වසරක් තුළදි සිරගත කළ බවත් ඔවුන්ට විරුද්ධව සාපරාධී චෝදනා ගෙනා බවත්
සඳහන් කළේය.
පැහැදිළිව ම, මෙම උත්සාහය තුළ මාධ්‍ය ආයතන ද අනිවාර්යයෙන් මෙහි ග්‍රහණයට ලක්වී සාපරාධිකරුවන් බවට පත්වන බව කී ඔහු, එබැවින් මේ සඳහා මැදිහත් වු බව කීහ.මේ වන විට මෙම පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම්
12ක් හෝ 13ක් ගොනුවී ඇති බවත් තවදුරටත් මේ සතිය තුළ තවත් පෙත්සම් ගොනුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
මෙම පනත් කෙටුම්පත කියවා තේරුම්ගෙන, සමාජ මාධ්‍ය හරහා සිය විරෝධතාවය දක්වන ලෙස මහජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව ද ආචාර්ය රංග කලන්සූරිය පැවසීය