වසංගත තත්ත්වය හමුවේ සේවා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයීමට – නදීක දයා බණ්ඩාර – මහනුවර

ආහාර වල ගුණාත්මක තත්ත්වය ක්ෂණිකව පරික්ෂා කිරීමට නොහැකි වීමෙන් බොහෝ කූට ව්‍යාපාරිකයන් නීතියේ රැහැනින් මිදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.ආහාර වල ගුණාත්මක තත්ත්වය පරික්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොතරම් වෙහෙසක් දැරුවත් වැටලීම් කරන ලද ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් වී ඇතැයි ඒ මහතා කීවේය. 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයීමේ උළෙලක් 08 දින පේරාදෙණියේ දී පැවැති අතර එහිදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජලයේ ගුණාත්මක තත්ත්වය පරික්ෂා කිරීම ඇතුළු තත්ව පරීක්ෂණ සඳහා බොහෝවිට වෙනත් පළාත්වල සේවය ලබා ගැනීමට සිදුවීම මෙම කල් ගත වීමට හේතුවක් වී ඇති බවද ඒ මහතා කීවේය.වස විසෙන් තොර ආහාර සොයා ගැනීම ගැටලුවක් වී ඇති බව කී ඒ මහතා මුදල් ඇති පිරිස් සුරක්ෂිත ආහාර අනුභව කළත් සාමාන්‍ය පොදු ජනතාව බොහෝවිට පරිභෝජනය කරනුයේ වස විස යුක්ත ආහාර යැයි ද කීවේය.පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුඩු, රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව පාන්පිටි බවට පත් වන යුගයක ජනතාවට සුරක්ෂිත ආහාර ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
කුඩා දරුවන්ට අද පරිභෝජනය කිරීමට සෞඛ්‍යාරක්ෂිත ආහාර වෙළඳපොලේ නොමැතිබවත් එම ආහාරවල ආරක්ෂිත බව පරික්ෂා කිරීමේ ක්ෂණික ක්‍රම නොමැතිවීම ගැටලවක් වී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සංවිධානය කර තිබුණු මෙම උපහාර උත්සවයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 150 ක පිරිසක් සම්මානයෙන් පිදුම් ලදහ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති ලලිත් දයාවංශ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියෝය.