ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර පාසල් සඳහා දින 03ක නිවාඩු කාලයක්-නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවර නගරය කේන්ද්‍ර කොට පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන්  මහනුවර නගරාශ්‍රිත පාසල් සඳහා තෙදින නිවාඩුවක් ලබාදීමට මධ්‍යම පළාත්
අධ්‍යාපන අමාත්‍යංශය හා එම පළාත් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.  ඒ අනුව මෙම මස 28, 29 සහ 31 දින තුන මහනුවර නගරයේ සිට කටුගස්තොට
පාලම දක්වා, මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම දක්වා සහ ගන්නෝරු හන්දිය දක්වාත්, වැව රවුම හරහා අම්පිටිය දක්වාත්, තැන්නේකුඹුර පාලම දක්වා
පිහිටා ඇති පාසල් සඳහා නිවාඩු දින වශයෙන් අදාල වේ.
එමෙන්ම දොඩම්වල රාජකීය ප්‍රාථමික විදුහල, හන්තාන සහ බෝවලවත්ත පාසල්  සඳහා ද මෙම නිවාඩුව අදාල වේ.
පෙරහැර මංගල්‍ය නැරඹීමට මහනුවර පැමිණෙන අති විශාල ජනකාය හේතුවෙන්  පාසල් දරු දැරියන් අපහසුතාවට පත්වීම වැළැක්විම සඳහා මධ්‍යම පළාත්
ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය
ක්‍රියාත්මකය.
මෙම නිවාඩු දින සෙනසුරාදා දින තුනක් පාසල් පවත්වා ආවරණය කරන ලෙස ද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed