ශ්‍රී ලංකා රජය  තවමත් සමරුම්වලට ඉඩ ‍න‍ොදෙයි

ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදි, සමාජවාදි ජනතා වරමින් සැකසෙන රජයක් වුව ද, විනාශවී ගිය සාමය, සමගිය, සංහිඳියාව ගොඩනගමින් සිටිනවා යැයි පවසන රජයක් වුව ද, රටක පුරවැසියන් සේ ජාතික සමගිය වෙනුවෙන් එකමුතුව පවත්වන සමරුම්වලට තවමත් ඉඩක් ලබා ‍දෙන්නට අකමැති බව ප්‍රදර්ශනය කරයි.

 
1983 කළු ජූලියේ 40 වැනි සැමරුම වෙනුවෙන් උතුරු – දකුණු සහෝදරත්වය සහ සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරමින්  ජූලි 23 වැනි දා පස්වරුව‍ේදී පවත්වන්නට ‍ය‍ෙදුණු සැමරුම් උත්සවවලට, කොළඹ දී පොලීසිය සහ තවත් කණ්ඩායමක් බාධා කළ අතර, එය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීමක් සහ සමගියට බාධා කිරීමක් බව එහි සංවිධායකයෝ පැවසූහ.
 
“බෙදන්නට ඉඩ නොදෙමු ! එක්ව පියාඹමු” යන අදහස තේමා කොට ගෙන 83 සිදුවූ කලු ජූලියත්, ඒ නිසා අහිමි වූ සිංහල, දමිල, බර්ගර් යන සියලු ජාතිකත්වයන් නියෝජනය කලාවූ වටිනා ජීවිතත් මතක් කරමින්, නැවත එවන් තත්ත්වයක් ඇති නොවීම සදහා සමාජය දැනුවත් විය යුතු වගත්, එම වගකීම පෙන්වාදීම වෙනුවෙනුත් 23 වැනි දා දිනය‍ේදී ‍එක්සත් සමාජවාදී තරුණ සංගමය සහ උතුරු – දකුණු සහෝදරත්වය විසින් ම‍ෙම වැඩසටහන් ‍ ද‍ෙක සංවිධානය කර තිබුණි.
 
එ‍හ‍ෙත්, ක‍ොළඹ හයිඩ් පිටියෙන් ආරම්භ කල එක්සත් සමාජවාදි තරුණ සංගමය විසින් දියත් කළ පා ගමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව‍ේ අරක්ෂකයින් විසින් පුරහල අසළදී අශ‍ෝබන ප්‍රහාරයන් එල්ල ක‍‍ළ‍ේ යැයි පාගම‍නට සහභාගීවූවන් පැවසූහ.  
 
උතුරු – දකුණු සහෝදරත්වය විසින් සංවිධානය කළ සැමරුම් වැඩසටහනට ද ‍ක‍ොළඹ- බොරැල්ල කනත්ත අසල දී සිහල රාවය නමැති ජාතිවාදි සංවිධානයට අයත් යැයි ප්‍රකාශිත පිරිසක් විසින් දැවැන්ත බාධාකිරීමක් සිදුකරමින් ‍ක‍ෝපගැන්ව‍ෙන පරුෂ වචනවලින් නිග්‍රහා කර ඇත.
 
සමාජවාදී තරුණ සංගමයේ පා ගමනට පුරහල අසල දී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර, සියලු ම පාරවල්  ආවරණය වන පරිදි දැවැන්ත හමුදා සහ කැරළි මර්ධන ඒකක සන්නද්ධ කර තිබුණි. ම‍ෙවැනි හමුදා සහ ‍ ප‍ොලිස් ‍ ය‍ෙදවුම් කුමක් අරභයා ද යන්න ජනතාව ‍ප්‍රශ්න කරති.
 
රටේ සියලු දෙනාගේ එකමුතුකමේ අගය ඉස්මතු කිරීමට උත්සාහ කළ සමාජවාදි තරුණ සංගමය විසින් සංවිධානය කළ පාගමනේදි , “සිංහලය , දෙමළය , මුස්ලිම්ය යනු අපමය. රට දිනවිය හැක්කේ අපේ සමගියෙනි.” යනුවෙන් සටහන් කළ පුවරු ඇතැතිව ගමන් කළ පාගමනට විටෙන් විට ඉතා කුරිරු ලෙස පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ලකරමින් එම සාමයේ පාගමන කඩාකප්පල් කර දැමු බව සංවිධායකයෝ පැවසූහ.

1983දී උතුර‍ේත් දකු‍ණ‍ේත් මිය ගිය, මරාදැමූ සියලු ජනතාව පහන් දල්වා සිහිගැන්වීමට නියමිතව තිබුණ ද , ‍බ‍ොරැල්‍ල‍ේ දී සුදානම් කළ එම සැමරුම් උත්සවය පැවති ස්ථානයට පැමිණි ජාතිවාදී සිහල රාව‍ය‍ේ යැයි ‍ප්‍රකාශිත පිරිසක් චෝදනා කළේ , හමුදාව දෙමළ වැසියන් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගෙන කරන ‍ම‍ෙවැනි වැඩසටහන්, විරෝධතා අනුමත කළ නොහැකි බවයි. හමුදාව ‍ ද‍ෙමළ මිනිසුන් ‍ ‍ෙනාමැරූ බවත් තිබුණ‍ේ  ඉතා කුඩා ප්‍රශ්නයක් පමණක් බවත් කලහාකරුවන් පැවසූහ. 
 
එමෙන්ම පොලීසිය පැවසුවේ අවසරලත් ස්ථානයේ රැස්වීම නොපවත්වා නීති විරෝධී පෙළපාලියක් යෑමට උත්සාහ කිරීම නිසා පිරිස විසුරුවා හැරීමට පුරහල අසල දී ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.


ජාතිවාදී ලේබලය යටතේ සාමකාමි වැඩසටහන විනාශ කිරීමට බොරැල්ලට පැමිණි කලහාකරුවන් පන්නා දැමීමට කිසිදු උත්සාහයක් නොගත් පොලීසිය, සාමකාමි වැඩසටහනේ සිටී ප්‍රවීණ දේශපාලනඥ සිරිතුංග ජයසූරීය , නීතීවේදී ශ්‍රීනාත් පෙරේරා සහ ප්‍රසිද්ධ මානව හිමිකමි ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැළිගොඩ යන අය පොලිසිය විසින් සිදුකළ තල්ලුකිරිමකදී  බිම ඇඳවැටුණු බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ අත තිබූ පහනේ උණු තෙල් සිය මුහුණ සහ ඇසට විසුණු බව ද එම අවස්ථාවට සහභාගීවුවන් පැවසූහ. 

 
1983 දී රාජ්‍ය බිලිගත් අය සිහිපත් කිරීමට සාමකාමීව සිටගෙන සිටි මොහොතේ තල්ලුකර අත කැඩුවාට සහ අතේ දැල්වෙමින් තිබුණ පහනට පහරදී පෙනෙන ම‍ග‍ේ එකම ඇහත් උණු තෙල් වලින් නෑව්වාට ශ්‍රී ලංකා පොලිසියේ උත්තමයන්ට බොහෝම ස්තුතියි. යැයි සන්ධ්‍යා එක්නැළි‍ග‍ොඩ කීව‍ේය.

කලහාකාරයින් මර්ධනය ‍ න‍ොකර, සාමය සමගිය පිහිටුවන්නට උත්සාහා කරන පිරිසට ‍ ම‍ේ විදියට  සළකන්න ‍ ප‍ොලීසියට අති අයිතිය කුමක්ද යන්න කෘතහස්ත වාමාංශික දේශපාලනඥයෙක් වන සිරිතුංග ජයසූරිය , නැවතත් වතාවක්  83ක් මේ රටේ ඇතිවෙන්නට  ඉඩදෙන්න බැහැ. ‍ක‍ොතරම් බාධක අවත් අපි එ ‍ව‍ෙනු‍ව‍ෙන් නැගී සිටිනවා යනුවෙන් ප්‍රකාශ කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed