කසල තේ ප්‍රවාහනය කරන නවතම ක්‍රමය “B M Feniz”-චන්දන ජයවීර 

 

මෙරට තේ නිෂ්පාදනය සදහා කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙනුයේ ඉතා  ඉහල දායකත්වයකි. එනමුත් පවතින ආර්ථික අර්බුද හමුවේ කුඩා තේ වලින් අමු දළු නිෂ්පාදනය කිරිම නවතා දැමීමට සිදුව ඇති බවට මැසිවිලි නගති .

සිය කර්මාන්තයේ කඩා වැටිම පෙන්වා දෙන හැටන් – රුවන්පුර කුඩා තේ වතු හිමියෝ මෙසේ පවසති.

පසුගිය සමයේ අමු තේ දළු කිලෝවක් සදහා ගෙවනු ලැබු මුදල රුපියල් 235 කි .නමුත් ඒ තත්ත්වය ක්‍රමයෙන් අඩු වී මෙම මාසයේ අමු තේ දළු කිලෝවක් සදහා ගෙවන මුදල රුපියල් 110 ක් බවට පත්ව තිබේ .

ඩොලරයේ අගය අඩුවීම  නිසා බව පවසමින් දළු මිල දී ගන්නා වෙළෙන්දන් ගෙවන මුදල අඩු කලද තේ ගස් සදහා යොදන පොහොර ,විටමින් හා බෙහෙත් වර්ග වල මිල අඩුවී නැති බවත් ,කම්කරු දීමනා ආදි සියලු වියදම් අවසානයේ අමු තේ දළු කිලෝවක් සදහා රුපියල් 150 ක් පමණ පිරිවැයක් දැරිමට සිදුවී තිබිය දී  රුපියල් 110 ක් වැනි මිලකට තේ දළු කිලෝවක් ලබා දීමේ දී සිදුවන පාඩුව දරා ගත නොහැකි බවත් එම නිසා තේ වගාව අතහැර දැමීමට සිදුවන බවට ද මැසිවිලි නගති.

එමෙන්ම මෙරට තේ කර්මාන්තය කඩා වැටිමට හේතු වන තවත් කාරණාවක් ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ මහ පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාව ,මැලේසියාව

වැනි රටවල් වලින් නිමි තේ ගෙන්වා “සිලෝන් “ යන නාමයෙන් අපනයනය කිරිමේ ක්‍රියාවලියයී. එලෙස ම මහා පරිමාණ  ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද අණාවරණය කරන අතර එම නිසා කුඩා තේ වතු කර්මාන්තය තව දුරටත් කඩා වැටෙන බවද පවසති .එනම්  ඉවත ලන කසල තේ ප්‍රවාහනය කිරිම සදහා  අවසර පත්‍රයේ “B M FANIZ”නාමයෙන් සදහන් කර  ප්‍රවාහනය කිරිමෙන් පසු රසායනික ද්‍රව්‍ය  යොදමින් නව තේ නිෂ්පාදනය කෙරේ.අම්බලන්ගොඩ ,වැලම්බොඩ ප්‍රදේශවල

මෙම ව්‍යාපාරය බහුලව ක්‍රියාත්මක වන බවද  පවසයී .එහි අතුරුඵලයක් ලෙස කුඩා තේ නිෂ්පාදකයා ට ගැටළුවක් වී ඇති බව පවසති .

 

එම නිසා රජය මැදිහත්වී මෙන් මෙම ගැටළු නිරාකරණය කිරිමට පියවරක් නොගතහොත් කුඩා තේ වතුහිමියන් සිය වගාවන් අතහැර දැමීම නිසා තවත් වසර 10 ක පමණ කාලයක දී ශ්‍රි ලංකාවෙන් තේ වගාව තුරන් වන බව ද පෙන්වා දෙති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed