ඉදිරියේදී ලියුං බෙදීම නව මුහුණුවරකින්

“ඉදිරියේදී, තැපැල්කරු ටුක්-ටුක් එකක ගමන් කරමින් ඔහුගේ රැකියාව කරනු ඇත. නිල ඇඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එසේ කිරීමෙන් රට තුළ ශක්තිමත් තැපැල් සේවාවක් ඇති කිරීම අපගේ අවසාන ඉලක්කයයි” යැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා නව තැපැල් පනතක් මේ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
ඒ අනුව තැපැල් සේවාව නවීකරණය කිරීමේ කොටසක් ලෙස
ශ්‍රී ලංකාවේ තැපැල්කරු නුදුරු අනාගතයේ දී සම්ප්‍රදායික බයිසිකල් නොව
ඒ සඳහා සාර්ථක පියවරක් ලෙස දීර්ඝ කාලයක් ක්ෂේත්‍රයේ භාවිත කළ සාම්ප්‍රදායික පාපැදි වෙනුවට ත්‍රිරෝද රථ
(tuk-tuk) 1000ක් රට පුරා සේවයෙහි යොදවනු ඇත.රුපියල් බිලියන 10 ක වියදමින් නවීකරණ ක්‍රියාවලිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ හවුල්කාරිත්වයක් ලෙස සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ, ජූලි
16 වැනි ඉරිදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවැති ‘ස්ථාවර දේශයක් සඳහා සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකදීය.තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව 2023 වසර අවසන් වන විට රුපියල් මිලියන 4000කින් අඩු කරන බවද අමාත්‍යවරයා පැවසීය.