HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ බෙදාදීමේ විශේෂ සායනය අද – ඉරිදා … – මෙලනි මානෙල් පෙරේරා

HIV අවදානම අවම කිරීමේ ඖෂධ (PrEP) නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් අද ඉරිදා 09 – කොළඹ 10, සේරම් පදේසේ පිහිටි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රධාන සායනයේදී අද පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන බව, ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය විශේෂඥ ජානකි විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළා.
මෙම සායනය සෑම මසකම දෙවන සතියේ ඉරිදා එම ස්ථානයේ දී ම පැවැත්වෙන අතර එම ඖෂධ ලබාගන්නා පුද්ගලයින්ගේ පෞද්ගලීකත්වය උපරිමයෙන් ආරක්‍ෂා කරන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය අන් අයට හෙළි නොවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් වෛද්‍ය විදානපතිරණ පැවසුවේය.
පුරුෂ – පුරුෂ ලිංගික සම්බන්ධතා වලට රුචිකත්වයක් දක්වන පිරිස , සංක්‍රාන්ති ලිංගිකයින් සහ ලිංගික ශ්‍රමය සපයන්නන් අතර මෙම ඖෂධ ලබා ගැනීමේ උනන්දුව ඉහළ බව අලුත් සුව පුවත් සඳහන් කරයි.
මෙම ඖෂධය (PrEP) අනාරක්ෂිත ලිංගික ඇසුරකට පෙර ලබාගැනීමෙන් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට HIV සම්ප්‍රේෂණය විම 99% ප්‍රමාණයකින් වළක්වයි. අනාරක්‍ෂිත ලිංගික ඇසුරකින් වැළකීම, විශ්වාසවන්ත ඇසුරක් නොවන අවස්ථාවක කොන්ඩමයක් පැලදීමේ පුරුද්ද අතීශය වැදගත් බව එම අලුත් සුව පුවත වැඩිදුරටත් අවධාරණය කරයි.
සායනයේ දුරකථන අංකය 0768946785 / 0718070556
විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය 0773419459
විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය 0773419459