ආගමීක සහජීවනය නැංවීමට නව පියවර – – මෙලනි මානෙල් පෙරේරා


බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානවල සාමුහික සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දිස්ත්‍රික්කය තුළ පුලුල් ජාලයක් ගොඩනගා ගනිමින් , ආගමික සහජීවණය වර්ධනය කිරීම උදෙසා නව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශීයක් ගනු ලැබූ බව ප්‍රජා සහෝදරත්වය සංවිධානය ප්‍රකාශ කරයි.
සියලු ක්‍රියාකාරී සංවිධාන වල එකමුතුකම තුළ සාමුුහික ප්‍රයත්නයක් තුළින් ආගමීක ගැටුම් නිරාකරණය කරගැනීම හරහා බස්නාහිර පළාත තුළ සාමකාමී, සහජීවනයක් ගොඩනගා ගැනීම අරමුණු කරමින්, ජුනි මස 30 වන දින මීගමුවේදී පවත්වන්නට යෙදුණු වැඩසටහන සඳහා ගම්පහා දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, සහ වෙනත් ජනතා සංවිධාන 45ක නියෝජිතයින් 100 දෙනෙකු සහභාගී වූ බව ප්‍රජා සහෝදරත්වය සංවිධානයේ සම්බන්ධීකාරක වසන්ත කුමාර මෝජෝ පුවත් සේවයට පැවසීය.

සහකාර කළමණාකරු විජයකාන්ත් ට අනුව, ජාතීන් අතර, ආගම් අතර සහජීවනය වර්ධනය කිරීමෙහිලා ජාතික සාම මණ්ඩලයේ “ARC” ව්‍යාපෘතිය දැනටමත් ලංකාව පුරා දිස්ත්‍රික්ක 13ක, ස්ථාන 14ක දී ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.
“දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රමුඛතාවය හඳූනාගැනීම, ගම්මාන මට්ටමින් සංහිඳියා කමිටු ගොඩනැගීම, ක්‍රියාකාරිත්වය තුළින් ප්‍රායෝගික මැදිහත්වන වැඩපිළිවෙලක් සකස්කර ගැනීම , වැඩකරණ කණ්ඩායම් හඳූනාගැනීම, ආතති තත්ත්වයන් තිබෙන ගම්මාන හඳූනාගැනීම, දැනුවත් කිරිමේ වැඩසටහන් හඳූන්වාදීම, තරුණ සංවිධාන මෙම ක්‍රියාවලිය සඳහා සම්භන්ධකර ගැනීම , ආගමික නායකයින් හමුවී සාකච්ජා කිරිම හා දායක සභා, මීසම් සභා සමඟ මෙම වැඩපිලිවෙල සාකච්ජා කිරිම, පාසල් ගුරුවරුන් දැනුවත් කිරිම, අන්තර් ආගමික සාකච්ජාවන් හා සංවාද බිම් මට්ටමටගෙන යෑම, සම්පත් හුවමාරු කරගැනීම හා ගැටලු සඳහා මැදිහත්වන යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම, තාක්ෂණය භාවිතා කරමින් දිස්ත්‍රික්කය තුළ තොරතුරු හුවමාරු කරගැනීම සහ වට්ස් ඇප් ගෘප් එකක් සෑදීම (ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන එකතුකර ගනිමින්)” යනාදි ක්‍රියාකාරකම් රාශියක් සැළසුම් කරගත් බව ප්‍රජා සහෝදරත්වය සංවිධානයේ සම්බන්ධීකාරක වසන්ත කුමාර කීවේය.
එමෙන්ම, ගැටුමක් ඉදිරියේ දී විශාල කර්තව්‍යයන් නොකළ ද, ඉතාම පුංචි ශක්තිමත් ක්‍රියාවක් හෝ අරම්භ කිරීම තුළින් විශාල යහපතක් ඇතිකරගත හැකි බව තමන් විශ්වාස කරන බැවින් ඒ විශ්වාසය තුළ, ඉදිරියේදී බස්නාහිර පළාත තුළ හෝ ගම්පහා දිස්ත්‍රික්කය තුළ හෝ යම්කිසි ආගමීක , ජාතික ගැටුමක් නිර්මාණය වන්නට ගියහොත් ඒ වෙනුවෙන් ඒකරාශී වී නැගී සිටින්නට මෙම වැඩපිළිවෙල හරහා අඩිතාලමක් දමාගන්න හැකිවන නිසා අද දින මෙම වැඩසටහනට බොහෝ අවශ්‍යතාවයෙන් යුතුව තමන් පැමිණි බව ඇය ප්‍රකාශ කළේය.
“එමෙන්ම, අපි අද වැඩසටහනේදී තවදුරටත් අපව වඩාත් දැනුවත් කරගැනීම සඳහා, ප්‍රතිපත්ති සැකසීම සඳහා උද්දේශනය කිරිම, ගැටලු නිරාකරණය, සහයෝගීතාවය මුල්කරගැනීම, ගැටුම් සඳහා උපතේ දී
ලැබෙන දේවල් වල බලපෑම, සන්නිවේදන අසමතුලිතභාවයේ බලපෑම ජනවර්ග අතර මෙය වෙනස් කළ යුතුයි, සියලුම ජාතික වීරවරයෝ පාසල් පෙළ පොත්වලට ඇතුලත් කිරිම හා සංස්කෘතික අන්‍යනතාවය ද ඇතුලත් කිරිම, තරුණ සහ ළමුන්ගේ ආකල්ප සංවර්ධණය කිරිම, භාෂා තුනම දරුවන්ට කුඩා කාලයේ සිට ඉගැන්වීමේ වැඩපිලිවෙළක් ගොඩනැගිම, සමාජ මාධ්‍ය හරහා ධනාත්මක අදහස් හුවමාරු කර ගැනීම, දරුවන් සහ කාන්තාවන් සම්භන්ධයෙන් සමාජය අසංවේදී බව නැති කිරිම, නීතිය සාධාරණව ක්‍රියාත්මක කරගැනීම සඳහා බලපෑම් කිරීම, උතුරේ සහ දකුණේ දරුවන් අතර සම්භන්ධතා ගොඩනැගීම , ආගමික නායකයින්ගේ ආකල්ප වෙනස් කිරීම…. යනාදී වශෙන් කාරණා රාශියක් පිළිබඳව ද සාකච්ඡා කළා” යැයි ඔහු කිීවේය.

“මම පෞද්ගලීකවත්, සංවිධානයක් හැටියටත් හිතන්නේ මේ සමාජය සුවපත් වෙන්න ඕනේ. ඒ තුළ පමණයි අපට මේ සමාජය යම්කිසි විමුක්තියක් කරා ගෙනියන්න පුලුවන් වෙන්නේ. නමුත් ආගමීක වශයෙන් හෝ ජාතීන් වශයෙන් මිනිස්සු එකිනෙකා කුලල්කා ගත්තොත් එය රට විනාශයක් කරා යෑමක් පමණයි. එක් කාලයකදී රට යුද්ධයක් දක්වා යොමුවුණා. මෑතදී පාස්කු ඛේධවාචකයකට මුහුණ දුන්නා.” යැයි පැවසු ජනාවබෝධය කේන්ද්‍රය නියෝජනය කරමින් වැඩසටහනට පැමිණ සිටී මානෙල් ප්‍රනාන්දු මෝජෝ පුවත් සේවයට කීවේය.

ෆෝකස් ක්ලබ් සංවිධානය නියෝජනය කරමින් පැමිණ සීටී සුදර්ශන ෆොන්සේකා ද අදහස් දක්වමින් කියා සිටියේ,”ඇත්තටම මේ දවස ඉතාම ප්‍රයෝජනවත් දවසක්. මීගමුවට මේ වැඩසටහන ඉතාම වැදගත් වෙනවා, මොකද ගැටුම් හටගැනීමේදි ඒවා අපට සංවිධානාත්මකව, එකමුතුව විසදාගන්න , ඊට මුහුණදෙන්න ශක්තිය තිබෙනවානම් ඒක අපට විශාල උදව්වක් වෙනවා. පසුගිය කාලය තුළදී අපි දැක්කා මීගමුව දිස්ත්‍රික්කය තුළ ගැටුම් හටගත්තා. ඒවා තවමත් පවතිනවා විවිධ මුහුණුවර වලින්. ඉතිං අපිට එකමුතුව, දැනුවත්වීම් හරහා මේවා ගැටුම් බවට පත්කර නොගන්න හැකියාවක් ගොඩනැගෙනවා නම් එය ඉතාමත්ම වටිනවා.” කියාය.
“මම විශ්වාස කරනවා, අද දවසේ මේ එකමුතුව තුළින් ඒ සඳහා හොඳ පදනමක් යොදාගත්තා කියලා.” යැයි සුදර්ශන ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සියලු ආගම් , ජාති නියෝජනය වන පරිදී කාන්තාවන් 69, පිරිමි 31, මාධ්‍යවේදීන් 03, බෞද්ධ 40, කිතුණු 56, හින්දු 02, බහයි 02 වශයෙන් මෙදින වැඩසටහන පෝෂණය කිරීමට දායක වී ඇත.
– මෙලනි මානෙල් පෙරේරා