මහ වැසි නිසා පොල්ගොල්ලේ දොරටු දෙකක් විවෘතයි නදීක දයා බණ්ඩාර – මහනුවර

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
මහ වැසි නිසා එම ජලාශය වාන් මට්ටමේ පවතින අතර විවෘත කළ දොරටු මගින් තත්ත්පයට ඝන අඩි දෙදහස් පන්සියයක ජල ධාරිතාවයක් මුදා හැරෙන බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඒ හේතුවෙන් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් විය යුතු බව ද පොල්ගොල්ල කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.