අද රෑ සිට ගෑස් මිල පහළට – මෙලනි මානෙල්

අද, ජුලී 04 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙන බව
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේය.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල රුපියල් 2,982ක් වන බවත් පැවසීය.
කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
මේ අතර, දිනෙන් දින ගෑස් පරිභෝජනය වැඩිවීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසය වනවිට මාබිම කර්මාන්ත ශාලාව ගෑස් සිලින්ඩර 50,000ක් නිකුත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ද මුදිත පීරිස් පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව මිළ පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් වැඩිදුරටත් පැවසීය.