යුරෝ තිහකට බිලි වූ ඉතාලි දැරිය

යුරෝ    තිහකට  තම  ආදරවන්තිය  මරා   දැමු   ශ්‍රී ලංකා   සම්භවයක්  සහිත  ඉතාලියේ  උපත  ලද  තරුණයෙකු  පිලිබදව  මේ දිනවල  ඉතාලියේ  මාධ්‍ය  දැඩි  කතා   බහට  ලක්  කරමින්  සිටි  .  මේ සිදුවීම වන්නේ පසුගිය  28 වැනි  බදාදා   පස්වරුවේ  ඉතාලියේ  රෝම  නගරයේදීයි  .
මිෂෙල්  මරියා  කොසෝ    නමැති  17 හැවිරිදි  තරුණිය  මෙලෙස   අවාසනාවන්ත ලෙස  ඝාතනය ට  ලක් වන  අතර   මෙම  ඝාතනය සිදු කල බවට  සැකපිට  අත්අඩංගුවට  ගනු ලබන්නේ    මිෂෙල්  ගේ ආදරවන්තයා   ලෙස සැලකෙන  17  හැවිරිදි  තරුණයෙකි  .

මේ මරණයත්  සමග  ඉතාලිය  පුරා   පැතිර  ගියේ මේ තරුණිය  ගැබ් ගැනීම  හේතුවෙන්  මෙලෙස  ඝාතනය කර  ඇති බවයි  . එහෙත්  ඊයේ  02 පස්වරුව වන  විට  මේ තරුණියගේ  දෙමාපියන්  එය ප්‍රතික්ෂේප  කර ඇති බව  ඉතාලි මාධ්‍ය  වාර්තා  කරන අතර  ඉතාලි මධ්‍යයේ  අලුත්ම
හෙළිදරව්ව  වන්නේ  මේ තරුණයා  අධික ලෙස මත්ද්‍රවය  වලට  ඇබ්බැහි  වී සිට  ඇති  බවයි .  මේ ඝාතනය ට ප්‍රධාන හේතුව  වී  ඇත්තේද  මත්ද්‍රව්‍ය  ලබා  ගැනීම  සදහා   යුරෝ   තිහක්  එනම්  ශ්‍රී ලංකා    මුදලින්    රුපියල්   දස දාහාසකට  ආසන්න  මුදලක්    මේ තරුණයා  මිෂෙල්  ගෙන් ඉල්ලා   නොලැබීම  බවයි . ඉතාලියේ  ප්‍රධාන මාධ්‍යට  අමතරව  සමාජ මාධ්‍ය වලද  මේ ඝාතනය  පිලිබදව  දැඩි ලෙස  කතා  බහට  ලක් වෙයි .

මේ තරුණයාගේ  නම  රුපය  හා   දෙමාපියන්ගේ  නම්  ඉතාලි මාධ්‍ය  වාර්තා  නොකර තිබීම  හේතුවෙන්  එම තොරතුරු  දැන  සිටියත්  මෙහි  සදහන්  නොකිරීමට  වග බලා  ගතිමි . විශේෂයෙන් මේ තොරතුරු  ලබා දීමට කටයුතු  කල මගේ මිතුරා   කියා  සිටියේ   ඉතාලි මාධ්‍ය  මේ සිදුවීමේදී   ඉතා  පරික්ෂකාරිව  කටයුතු  කල  බවයි  . ” ලංකාවේ  නම්  මෙලහට  කොල්ලගේ  ගේ  බෙර ගන්න  පොලිසිය  දාන්න  වෙලා  ඒ වගේම  තමයි  කොල්ලගේ  ෆොටෝ  දෙමාපියන්ගේ  විස්තර  ඔක්කොම  පලකරලා  .  මෙහෙ  එහෙම  නැහැ  මෙහෙ  මාධ්‍ය කීපයක්  කොල්ලගේ
ෆොටෝ  දාලා   තිබුනා    ඒ  අදුරගන්න   බැරි   විදිහට  . මොකද  මේ රටේ  මේ   කොල්ලා   සලකන්නේ  බාල  වයස්  කාරයෙක්  විදිහට  .”  මගේ   ඉතාලි  මිත්‍රයා   සියල්ල  පැවසුවේ  එකගතාවයක්ද  ඇතිවයි  .  මේ  ළමයාගේ   අම්මා   ,තාත්තා    අපේ  යාලුවෝ   . ඒ නිසා  මගේ  නම දාන්නා  එපා
ඒ  වගේම  මම එපා  කියන  කිසි  දෙයක්  දාන්න  එපා   .”

මගේ  පාසල්  මිත්‍රයා   ඉතාලිය ට  ගොස්  වසර  විස්සකට  වැඩි  කාලයක්  වෙයි  . ඒ හේතුවෙන්  සැකකරුගේ  සියලු තොරතුරු  හොදින් දනී.  ” මේ සිදුවීම  ආරංචි  වෙච්ච  ගමන්  මට ඔයා  මතක්  වුනා   නමුත්  තියන  හිතවත් කම නිසාම  ඇහුවොත්  විතරක් කියනවා  කියලා  හිතුවා .
යැයි  පැවසිය
“මේ සිදුවීම  වුනේ   රෝමයේ  primavalle කියන  ප්‍රදේශයේ  පිහිටි  නගර සභා  තට්ටු  නිවාසයක  . මම දන්නා   විදිහට  අඩු  අදායම්  ලාභ්නට  තමයි  මේ නිවාස දීලා  තියෙන්නේ  . පසුගිය 28 වැනි දා  පස්වරුවේ තමයි  මේ සිදුවීම වෙලා   තියන්නේ  . මුලින්මා  කියන්න  ඕනෑ  මේ සිදුවීමට සැකකරන  දරුවා  ඉන්නේ  අම්මත්  එක්ක  . මිට අවුරුදු  කීපයකට  පෙර  තාත්තා  ව මේ රටින්  පිටුවහල්  කලා   ව්‍යාජ  ලිපි වගයක්  සකස්  කලා  කියලා  . ඊට  පස්සේ  මේ දරුවා   අම්මත්  එක්ක  මේ ගෙදර  හිටියා .. මම දන්නා  විදිහට  මැරුණු  දුවයි  මේ පුතයි  දෙන්නම්  එකම ඉස්කෝලේ  එකම  පන්තියේ  .  මේ දෙන්නා   උසස් පෙළ පන්තියේ  හිටියේ . මෙහෙ  මේ සිදුවීමට  කතා  කීපයක්   යනවා  ඉන්  ප්‍රධාන කරුණ  තමයි  මම මුලින්  කිව්වේ . ඊළගට  යන කතාව  තමයි  මැරිච්ච දුව  ආදර සම්බන්ධය  නවත්වමු  කියලා   යෝජනා  කිරීම   . නමුත් අපිට
මේ මරණයට  හේතුව  හරියට  හොයා ගන්න  වෙන්නේ  අධිකරණ යට  මේ නඩුව  ගියාම තමයි . කොහොම හරි  මුලින්ම  දෙන්නා   ගහගෙන   තියනවා  . යට තට්ටුවේ   ගෙදර ඉන්න  ආච්චිට  ඒ ශබ්ද  ඇහිලා   තියනවා  . ඊට  පස්සේ තමයි  පිහියෙන්   ඇනලා    කොටස් කීපයකට  කපලා   කළු  පොලිතින්  උරයක  දාලා  මේ මිනිය  කුණු  බක්කියකට  දාන්න හදලා  තියෙන්නේ  . මේ සිදුවීම  වෙලා ති යෙන්නේ   තට්ටු  කීපයක  බිල්ඩින්  එකක  තුන් වැනි  තට්ටුවේ  . මේ ගොඩනැගිල්ලට  සෝපාන  නැති නිසා  තුන් වැනි තට්ටුවේ ඉදලා  මේ මිනියා  පහලට ගෙනල්ල  තියෙන්නේ  අමාරුවෙන්  . පහලට  ගෙනාවම  කැරොල්  එකක තියලා   (ස්මාවෙන්න  කැරොල් එකක් කියන්නේ ට්‍රොලියක්  වගේ  එකකට  .) තල්ලු  කරගෙන  කුණු  බක්කිය  ලගට  ඇවිල්ලා  තියනවා   මේ ගෙදර ඉදලා  කුණු බක්කියට මීටර්  150 ක්  විතර තියනවා  . කොහොම හරි
මෙයා   මිනිය  උස්සලා   කුණු  බක්කියට  දාන්න  උත්සහා  කරලා  තියනවා   කුණු  වැඩියෙන්  තිබිලා  තියන නිසා  මෙයාගේ  ඒ උත්සහාය  ව්‍යර්ථ  වෙලා  තියනවා   . පස්සේ  මොහු කරලා  තියෙන්නේ  කුණු ගොඩ ලගින්  මිනිය තියලා  යන එක  . මේ ගැන සක හිතුන කෙනෙක් තමයි  පොලිසියට  කියලා  තියෙන්නේ  . පොලිසිය  ඇවිල්ලා  බැලුවම  තමයි  දැකලා  තියෙන්නේ    මේ මල සිරුරක්  බව . කොහොම හරි  පොලිසියට  ලැබුණු  තොරතුරු  අනුව ඉතා  පහසුවෙන්  මොහු අල්ලා  ගන්න පොලිසියට හැකි වුනා . පොලිසිය කලේ  ලේ වැටිච්ච  පාර දිගේ යන එකයි  .”

මේ  සිදුවීමට  සැකපිට  අත්අඩංගුවට  ගෙන සිටින 17  හැවිරිදි  තරුණයාගේ  මව  වෙන්නප්පුව  කටුනේරිය  ප්‍රදේශයේ  මුල්  පදින්චිකාරිනියක්  වන අතර  පියා  වත්තල  ප්‍රදේශයේ මුල්  පදිංචිකරුවෙකි  .

ඉතාලියේ  නිතිය අනුව  මෙවන්  සිදුවීමකට  වරද කරු  වුවහොත්  වසර 25 ක  සිර දඩුවමක්   හිමිවෙයි  .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed