“ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ අසාර්ථක කැනීම්” වාර්තාව රජයට ඇඟිල්ල දිගු කරයි — මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ සිදු වූ සමූහ ඝාතන පිළිබඳ විමර්ශනවලට බාධා කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස් වාර්තා විකෘති කළ බවට පසුගිය දා එළිදැක්වූ, ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් දියත් කරන ලද වාර්තාවකින් චෝදනා කරයි.
1989 ලේ වැකි මාක්ස්වාදී කැරැල්ලේ උච්චතම අවස්ථාවේ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ප්‍රදේශයකින් සොයාගත් සමූහ මිනී වලවල් පිළිබඳ පරීක්ෂණවලට බාධා කිරීම සඳහා ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස් වාර්තා වෙනස් කළ බවට චෝදනා එල්ල කරයි.
‘සමූහ මිනීවළ සහ අසාර්ථක ගවේෂණ’ යනුවෙන් නම් කර ඇති සමීක්ණ වාර්තාව, දිවයින පුරා ඇති සමූහ මිනීවළවල් ගොඩගැනීමට සහ විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාව විසින් ක්‍රමානුකූලව අසමත් වීමේ රටාවක් විස්තර කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන් (JDS), ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP), මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) සහ අතුරුදහන් වූවන්ගේ පවුල් (FoD) විසින් සම්පාදිත මෙම වාර්තාව, 1989 සහ 2009 අතර සමූහ මිනීවල පිළිබඳ විමර්ශනවලට ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික රජයන් කෙතරම් මැදිහත් වි ඇත්ද යන්න ඉස්මතු කරයි.
දිවයින පුරා සමූහ මිනීවළවල් තුළ සොයා නොගත් සිරුරු දස දහස් ගණනක් තිබියදී පසුගිය වසර 30 තුළ අර්ධ වශයෙන් ගොඩගෙන ඇත්තේ සමූහ මිනීවල 20ක් පමණක් බව වාර්තාව අවධාරණය කරයි.
“ශ්‍රී ලංකාවේ බොහෝ පරීක්ෂණ කොමිෂන් සභා කිසිවක් සමූහ මිනී වලවල් ගැන සොයා බැලීමට නියම කරවා නැති අතර, ඒ වෙනුවට සත්‍යය හෙළි කිරීමට දරන උත්සාහය පවා අවහිර කර ඇත,” යනුවෙන් වාර්තාව සඳහන් කරයි.
“මහස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් හදිසියේ මාරු කර ඇත, පොලිසිය අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇත, පවුල්වල නීතිඥයින්ට අඩවි වලට පිවිසීම තහනම් කර ඇත, ජීවමාන සාක්ෂිකරුවන් සොයා ගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන ඇත, මරණ පරීක්ෂණයට පෙර දත්ත රැස් කර නැත, සහ ඇතැම් අවශ්ථාවලදී, යමෙක් වරදකරු වූ විට, ඔවුන්ට සමාව ලබා දී ඇත යනුවෙන්න වාර්තාවේ පෙන්වා දෙයි.
“එය දේශපාලන නැමියාවක් නොමැති , ප්‍රමාණවත් නොවන නීතිමය රාමුවක් සහිත, සුසංයෝගී ප්‍රතිපත්තියක් නොමැතිකම සහ ප්‍රමාණවත් සම්පත් නොමැතිකම පිළිබඳ කතාවකි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට එය නොවිසඳුණු ඛේදවාචකයේ කතාවකි. ශෝකයට පත් වූවන්ට තම ආදරණීයයන් සොයා නොගෙන ජීවත් වීමට හා මිය යාමට බල කෙරෙයි” වාර්තාව සටහන් තබයි.
2013 වසරේ මධ්‍යම ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් සමූහ මිනීවලවල් සොයාගැනීමෙන් පසු කලාපයේ පොලිස් ස්ථානවල වසර පහකට වඩා පැරණි සියලුම පොලිස් වාර්තා විනාශ කරන ලෙස එවකට ප්‍රබල ආරක්ෂක නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ නියෝග කළ බව වාර්තාවේ සඳහන් වේ.
1989 දී ප්‍රචණ්ඩ මාක්ස්වාදී කැරැල්ලක් ඇති වූ සමයේ , ගෝඨාභය රාජපක්ෂ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ කාලයේ සිට අද දක්වා සමූහ මිනී වළවල් පවතින්නට ඇති අතර, එවකට කලාපයේ කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුම්වල නිරතවන්නට ඇති බවට සැක කෙරේ.
සමූහ මිනිවළවල් විමශනවලට බාධා කළ බව කියන සිද්ධියට සම්බන්ධ රාජපක්ෂට සහ උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ද එම වාර්තාවෙන් ඉල්ලා සිටියි.
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසුවේ “දිවයින පුරා නොගැඹුරු මිනීවලවල්වල සිරුරු දස දහස් ගණනක් ඇති බව අපි කවුරුත් දන්නා නිසා, මෙම නරක ප්‍රගතිය අනුපාතය අවාසනාවක් ලෙස – අපට විස්තර කළ නොහැකියි. එය පැහැදිලි ලෙස, මේ සමබන්ධයෙන් දේශපාලන කැමැත්තක් නොමැතිකමයි ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
2012-2013 වසරවල මාතලේ සමූහ මිනීවළවල් සහ 2018 වසරේ විමර්ශනය කළ මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ සොයා බැලීම්වල අසාර්ථකත්වය පිළිබඳව ‘සමූහ මිනීවළ සහ අසාර්ථක කැනීම්’ අවධානය යොමු කරයි. වාර්තාවට අනුව මෙම ස්ථානවලින් සිරුරු 550 කට අධික ප්‍රමාණයක් ගොඩගෙන ඇත. නමුත් අද වනතුරු කිසිවෙකු හඳුනාගෙන නොමැත.
මෙම වාර්තාව නිකුත් කිරීමට සමගාමීව කේ. මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කේ. එස්. රත්නවේල් මාධ්‍ය නිවේදනයක් හරහා කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ සමූහ මිනී වළවල් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීමට කිසිසේත් ම දේශපාලන කැමැත්තක් නොමැති බවයි.”
“අද වනතුරු අම්මලා 178ක් අපිට නැතිවුණා. ඒ නිසා අපරාධවල සාක්ෂිකරුවන් අපි අතරින් ක්‍රමක්‍රමයෙන් අතුරුදන් වෙනවා. අපිත් මැරුණොත් සාක්ෂිත් මැකෙනවා. අපට කවදා යුක්තිය ඉටු වනු ඇත්ද කියලා දන්නේ නැතිව, අපි පාරට බැහැලා සාධාරණය ඉල්ලා සටන් කරනවා.” යැයි මන්නාරම අතුරුදහන් වූවන්ගේ පවුල්වල සභාපති මනුවෙල් උදයචන්ද යන මව, එළිදැක්වූ වාර්තාවේ සඳහන් කර ඇත.
“සමූහ මිනීවළ සහ ගොඩගැනීම් අසාර්ථක වීම” වාර්තාව මගින් සමූහ මිනීවළ සහ ගොඩකිරීම් කළමනාකරණය කිරීම සඳහා විශේෂ නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් සමූහ මිනීවළ සහ ගොඩගැනීම් හදූනාගැනීමත් ඒවා සංරක්‍ෂණය කිරීමත් සඳහා නිර්දේශකර ඇත.
රට තුළ අධිකරණ වෛද්‍ය ධාරිතාව ශක්තිමත් කිරීම, ගොඩගැනීම්වලින් සිදුවන නඩු කටයුතු අපක්ෂපාතී ලෙස සිදු කිරීම සහතික කිරීම සඳහා ස්වාධීන මහජන නඩු පවරන සේවාවක් නිර්මාණය කිරීම සහ අනෙකුත් සමූහ මිනීවළවල් පිළිබඳ සොයා බැලීම සඳහා දක්ෂ ඒකකයක් පිහිටුවීම ද නිර්දේශ කර ඇත.