වඳුරන් 100,000 යේ චීන ගමන අහෝසියි – මෙලනි මානෙල් පෙරේරා

Toque macaques. Group of toque macaque (Macaca sinica) on the ground. This Old World monkey is endemic to Sri Lanka. Photographed in Yala National Park, Sri Lanka.
Toque Macaque වඳුරන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගත් තීරණය නතර කරන බව නීතිපතිවරයා ඊයේ, ජුනි 26දා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේනේය
ටෝක් මැකාක් වඳුරන් අල්ලා චීනයට අපනයනය කිරීමට යෝජිත රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
බලධාරීන්ගේ මෙම ධනාත්මක ප්‍රතිචාරය ඇසීම ගැන සතුටු වන බව සත්ව හිමිකම් ක්‍රියාකාරීන් අධිකරණයට ප්‍රකාශ කළහ.
“මේක අහන්න ලැබීම ගැන මට හරිම සතුටුයි, එහෙම නොවුණානම් මේ වඳුරන් චයිනීස් රෙස්ටුරන්ට්වලින් අවසන් වෙනවා.” යැයි සත්ත්ව හිමිකම් සංවිධාන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පැවසීය.
මෙම තීරණය ලිඛිතව දැනුම් දෙන ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා බලධාරීන්ට දන්වා සිටි අතර, ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම ජූලි මස 07 වැනිදාට නියම කළේය.
මේ අතර, ශ්‍රී ලංකාවට ආවේණික Toque Macaque වඳුරන් 100,000 ක් චීන සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීනයට අපනයනය කරන ලෙස චීන රජය කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් රජය සලකා බලන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.