ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍යයි — මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍යයි

2022 වසරේදී ශ්‍රී ලංකාවෙි ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 11.1% වු නමුත් 2023 වසරේ ජුනි මාසය වන විට එම අගය 8.4% ක් ලෙස වාර්ථාවන බැවින් එම වර්ධනය පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු රෝග මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

 
 ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අඩුවීම රටක ලාදුරු පැතිරීමේ අඩුවීමක් පෙන්නුම් කරන බවත්, එසේම, යම් රටක ලාදුරු පැතිරීම හොඳින් පාලනය වී තිබේ නම් , ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු යැයි ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රණවීර පෙන්වා දෙයි. 
 
රටක ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අඩු කිරීම එක වරම සිදුකරන්නට නොහැකි ඉතාම අසීරු කටයුත්තක් යැයි ප්‍රකාශ කරන වෛද්‍ය රණවීර, අවම වශයෙන් වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අවශ්‍ය අවම ඉලක්කයට ලඟා වීම අනිවාර්යයෙන් ම කළ යුතු කාර්යයක් බව ප්‍රකාශ කරයි.
 
විධිමත් හා ක්‍රමාණුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් පමණක් මෙම අපේක්‍ෂිත ඉලක්කය කරා ලගාවිය හැකි බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවෙි දී විශේෂඥ වෛද්‍ය රණවීර වැඩිදුරටත් අවධාරණය කළේය.
– සෞඛ්‍ය පුවත් – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed