සැකකරුවෙකු මහනුවර අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලෙන් බිමට , මහනුවර වාර්තාකරු

හෙරොයින් මත්කුඩු සමග මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (05) දහවල් මහනුවර අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලෙන් බිමට පැනීමෙන් බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
සැකකරු මහනුවර පොලීසිය ඉදිරිපිට දී ඊයේ (04) පස්වරුවේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
එම අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2150 ක් තිබූ බව පොලීසිය පවසයි.
ඔහු අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලින් බිමට පැන ඇත්තේ අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් රැගෙන ගොස් සිටියදීය.
දෙවැනි මහලින් බිමට පනින ලද සැකකරු තුවාල ලැබ සිටිය දී පොලිස් නිලධාරීන් 1990 ගිලන් රථයකින් රැගෙන ගොස් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.