බීඩි දුම්කොළ වැටලීමක් -මහනුවර වාර්තාකරු
තලාතුඔය මාරස්සන උදුදෙණිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව බීඩි දුම්කොළ කිලෝ 52 ක් ගබඩා කර තබාගත් බව කියන පුද්ගලයෙකු ගම්පොළ සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් (04) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර සුරාබදු අධිකාරී නාලක මලවිපතිරණ මහතා ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් බීඩි දුම්කොළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 ක් පමණ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ගම්පොළ සුරාබදු ස්ථානයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.ජී කුලතිලක,සුරාබදු කෝප්‍රල් සුබෝධ හේරත්,සුරාබදු නියාමක ප්‍රභාත් සමරතුංග,සුරාබදු රියදුරු ඩිලාන් විතානගේ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
බීඩී නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දුම්කොළ බලපත්‍ර නොමැතිව ගබඩා කර තබා ගැනීම සුරාබදු පනතට අනුව වරදක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුම්කොළ කීලෝවකින් බීඩි 500 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා දුම්කොළ එකතු කර ගබඩා කර තබා බීඩි නිෂ්පාදකයින්ට අළෙවි කරන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.