පශු වෛද්‍යවරු රට හැර යයී. උඩරට දියර කිරි නිෂ්පාදනය අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මිය යයි ( චන්දන ජයවීර – හැටන්) 

පශුවෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරි කර ගන්නා මස්කෙලිය ප්‍රදේශයේ ගොවිහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති.දියර කිරි නිෂ්පාදනයට ඉහල ඉල්ලුමක් තිබුන ද සතුන් රෝගී වු අවස්ථාවන් වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට පශුවෛද්‍යවරයෙන් නොමැති නිසා සතුන් මිය ගිය අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙති .

මස්කෙලිය පශූ වෛද්‍ය කොට්ඨාශ වල ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනනය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි  දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති.

මස්කෙළිය ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන්ට පසුගිය මාස කිහිපයක සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු වෙමින් පවතී.

උස්බිම් වල ගවයන් වැඩි වශයෙන් ඇති කරන ප්‍රදේශ අතර මස්කෙලිය ප්‍රදේශ ප්‍රමුඛ ස්ථානයක් ගනී. දැනට මේ ප්‍රදේශයේ පශු සම්පත් කටයුතු සොයා බලන්නේ හැටන් පශු වෛද්‍ය නිලධාරීවරයායි. දුර ප්‍රමාණය නිසා හදිසි අවස්ථා වලදී මෙම හැටන් පශු වෛද්‍ය නිලධාරිවරයා පැමිණීම ප්‍රමාද වීම නිසා තම වටිනා ගව සම්පත ඔවුනට අහිමි වෙමින් තිබෙන බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මස්කෙළිය කොට්ඨාසයේ පමණක් කිරි ගොවියන් 2500 ක් පමණ සිටින බවත් එම ප්‍රදේශයේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර විසි දහසක් පමණ වන බවත් එම තත්ත්වය වැඩි දියුණු කිරිමට ගොවියන් කැමැත්තක් දැක්වුවද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නැති නිසා තිබෙන තත්ත්වය ද අඩු වෙමින් පවතින බව පවසති.

මෙහිදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් ඇතැම් ව්‍යාජ පශු වෛද්‍ය නිලධාරීන් තම ප්‍රදේශයන්හි පශූ සම්පතට හානියක් සිදු කර ඇති බවද පශු සම්පත් හිමියෝ පවසති.

එමෙන්ම මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කරියල ප්‍රදේශයේ ගොවිපළවල ගවයින් දස දහසකට අධික පිරිසක් ඇති දැඩි කරති. තම රෝග සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මස්කෙළිය ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් සතුන් අහිමි වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඔවුන් කනස්සල්ල පළ කරයි.

වැවිලි ව්‍යාපාරයෙන් තම පවුලේ ආර්ථිකය  පිරිමසා ගැනීමට නොහැකි ව තිබු ඔවුනට සත්ත්ව පාලනයේ නිරත වූ අතර එමගින් තම ආදායම් තත්ත්වය ද ඉහළ ගිය බවත් එම වකවානුවේ ප්‍රාදේශීය පශු වෛද්‍ය බලධාරීන් තම සතුන්ගේ අවශ්‍යතා සහ රැකවරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මහත් භාග්‍යයක් වු බවත් පෙන්වා දෙති.

මේ වන විට පශු වෛද්‍ය නිලධාරීන් නොමැති පසුබිමක සිය පවුල් විශාල ආර්ථික අර්බුදයකට ලක් කරමින් වටිනා ගවයින් ලක්ෂ ගණනක් අහිමි කර ගැනීමට සිදුව ඇතැයිද ඔවුහු පවසති. එබැවින් හැකි ඉක්මනින් තම ප්‍රදේශයට පශු වෛද්‍ය නිලධාරීන් ගෙන්වා තම ගවයින් බේරා ගැනීමට කටයුතු කරන ලෙස මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ගව අභිජනනය කරන්නන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

 

 

 

 

 

 

 

 

මේ සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සත්ව හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂිකා කුමුදිනි රාජනායක මහත්මියගෙන් කල විමසිමේ දී පැවසුවේ මෙරට දියර කිරි නිෂ්පාදනයේ ඉහලින්ම සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය.ඒ අතරින් හැටන් ,මස්කෙළිය හා බගවන්තගාව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස වල කිරි ගව පාලනය ඉහල මට්ටමක තිබෙනවා .මස්කෙළිය හා බගවන්තගාව කොට්ඨාස වල සතුන් විසි දහසක් පමණ ඇති කෙරෙන අතර ගොවියන් තුන්දහසක් පමණ සිටිනවා.ඒ නිසා තමයි මෙම කොට්ඨාස වලට පශූ වෛද්‍යවරුන් තිදෙනෙක් පමණ සේවයේ යොදවලා ඉහල සේවාවක් ලබා දෙමින් තිබුනේ .

නමුත් රජයේ නව ප්‍රතිපත්තිය අනුව රජයේ සේවකයින් නිවාඩු ලබාගෙන විදේශගත වීමේ ක්‍රියාවලියට පශූ වෛද්‍යවරුන් ද එක්වෙමින් තිබෙනවා .ඒ අනුව මස්කෙළිය හා බගවන්තලාව පශූ වෛද්‍යවරුන් දෙදෙනාද නිවාඩු ලබාගෙන විදේශ ගතවීම නිසා පුරප්පාඩු වි තිබෙනවා.එම ප්‍රදේශ ආවරණ කිරිමට හැටන් පශුවෛද්‍යවරයා අනුයුත්ක කර තිබුනත් පවතින ප්‍රායෝගික ගැටළු නිසා එය දුෂ්කර වී තිබෙනවා.එමෙන්ම සාමාන්‍ය ක්‍රියාවලිය අනුව වසර දෙකකට වරක් පශූ වෛද්‍යවරුන් බදවා ගැනීම සිදුකලත් දැන් එයද ක්‍රියාත්මක නොවන නිසා පුරප්පාඩු වන ප්‍රදේශ වලට පශු වෛද්‍යවරුන් අනුයුක්ත කිරිම ගැටළු සහගත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *