තැලසීමීයාව වළක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් – – මෙලනි මානෙල් පෙරේරා

 
 
ශ්‍රී ලංකාවේ සෑම අයෙක්ම තම විවාහයට පෙර තමන් තැලසීමියා  වාහකයෙකු ද යන්න සොයා බැලීමට ඉතා පහසු රුධිර පරීක්ෂණයකින් කල යුතුයි. ශ්‍රී ලංකාවේ 03% තැලසීමියා වාහකයින් බවට අනාවරණයක්.
 
“තැලසීමියාව බහුල රටවල් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටී. තැලසීමියාව බහුල ලෝකයේ අනෙකුත් රටවල් එම රටවල ජනතාව අතර තැලසීමියාව ඇතිවීම වලක්වා ගැනීමට සමත්ව තිබේ.”
 

එහෙත්, ශ්‍රී ලංකාව එසේ කිසිදු සාධනීය තත්වයක් ඇතිකර ගැනීමට සමත්ව නැතැයි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබද මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ළමුන් 2000 පමණ තැලසීමියාව සහිත දරුවන් ලෙස හඳුනා ගැනේ. තැලසීමියා වාහකයින් අතර සිදුවන විවාහයකදී මහා තැලසීමියාව එනම් රෝග ලක්ෂණ සහිත දරුවන් බිහිවීම සිදුවිය හැකිය.

 
තැලසීමියාව පිලිබදව පවතින මිත්‍යා මත හේතුවෙන් විවාහයකදී තමන් තැලසීමියා වාහකයෙකු බව සැඟවීමට බොහෝ දෙනෙක් පෙළඹෙති. මේ රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකිවයුතු සියලුම දෙනා මෙන්ම මහ ජනතාවත් දක්වන අධික උදාසීන බවත් තැලසීමියාව වළක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

කාළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ – 
මැයි මස 10 වන දා, පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මහාචාර්ය මෙත්තානන්ද මෙම අදහසේ පල කළේය.
 
සෞඛ්‍ය අධ්‍යන වාර්තාවලට  අනුව, මිලියන 22 ක ජනගහනයක් සිටින රටක් වන ශ්‍රී ලංකාවේ දරුණු තැලසීමියා රෝගීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගෙන් තුනෙන් දෙකකට බීටා තැලසීමියා මේජර් (ටීඑම්) ඇත.

එය වයඹ, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල බහුලව දක්නට ලැබේ. උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම තැලසීමියා මධ්‍යස්ථානය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඒකකයට අනුයුක්ත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *