පේරාදෙණි වසන්තය ඇරඹේ – නදීක දයා බණ්ඩාර

මෙරට පළමු හා විශාලතම භූමි ප්‍රමාණයකින් යුක්ත පේරාදෙණිය විශ්ව විද්‍යාලය  සිය වසන්ත සමයත් සමග පුෂ්ප හට ගැනීමෙන් මහත් අලංකාරත්වයට පත්ව තිබේ.

විශ්ව විද්‍යාලීය සනාථන මන්දිරයට නුදුරු ස්ට්‍රයික් ගස නම් ස්ථානයේ මාර ගසේ එතුණු මල් වැල පුෂ්ප හට ගැනීමෙන් මෙම අලංකාරත්වය ඇතිවී තිබේ. එමෙන්ම ශ්‍රාස්ත්‍ර පීඨයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවට පිවිසෙන මාර්ගයේ ගස් කිහිපයක එතුණු වැල් වල ද මෙලෙස පුෂ්ප හට ගෙන ඇත.

දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, නිවර්ථන වියළි වනාන්තරවලට ආවේණික ආක්‍රමණශිලී ශාඛයක් වන ඩොලිචන්ද්‍රා අන්ගුස් කැටී (Dolichandra unguis-cati )  නම් මෙම ලතාමය ශාඛයේ පුෂ්ප හට ගැනීම නිසා මෙම මනස්කාන්ත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ලැබී ඇති අතර සාමාන්‍යෙයන් මාර්තු හා ජූනි මාසවලදී මෙලෙස කහ පැහැති පුෂ්ප හට ගැනීම නිරන්තරයෙන් දැකිය හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *