ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංවර්ධනය සඳහා අරාබියේ සහයෝගය – නිමල් කොළඹිස්ස

සෛවරීත්වයට හානි නොවන පරිදි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගල්ෆ් කලාපීය රටවල සහයෝගය හිමිවන බව එම කලාපයේ තානාපතිවරුන් පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පලස්තීනය සහ ඊජිප්තුව ඇතුලු ආරබිකරයේ රටවල් 22ක සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට එම රටවල් එකඟත්වය පළ කොට ඇතැයි එම රටවල තානාපතිවරුන්  ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid, ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh,  එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති Khaled Nasser Sulaiman Alameri යන මහත්වරුන් අද (17) සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාරථ සුමංගල හිමිපාණන් බැහැ දැක මේ බව සඳහන් කළහ.

එහිදී මහා නායක හිමියන් හමුවේ කරුණු පැහැදිලි කළ ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid මහතා, අරාබිකරයේ රටවලින් තුනෙන් එකක් මෙම තානාපතිවරුන් නියෝජනය කරන බව කීවේය. මෙම හමුවීම මගින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු නිරාකරණය කිරීම අපේක්ෂා කරන බවත් ආර්ථික ගැටලුවලින් මිදි පෙර පැවැති තත්ත්වයට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් කීවේය.

පාස්කු ප්‍රහාරය වැනි මිලේච්ජ ක්‍රියා අරාබිකරයේ රටවල් අනුමත නොකරන බව එහිදී මහානායක හිමියන් හමුවේ අදහස් දැක්වූ ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh මහතා සඳහන් කළේය. බුදු දහමේ අන්තර්ගතය මෙන්ම මුස්ලිම් ආගම ද අවිහිංසාවාදය පිළිගන්නා බව ඒ මහතා කීහ. ජාතින් අතර ගැටම් දුරලීම සඳහා පාප් වහන්සේ සමඟ මුස්ලිම් ඉමාම්තුමා වර්ෂ 2019දී එකඟත්වයකට පත්වූ බව ද ඊජිප්තු තානාපතිවරයා කීවේය.

මේ අයුරින් ශ්‍රී ලංකාවේ පවතින සහජීවනය තව දුරටත් ශක්තිමක් කිරීම අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් මහා නායක හිමියන් ලබාදෙන සහයෝගයට කෘතවේදී වන බව ද ඒ මහතා කීවේය.

මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් අදහස් දක්වමින්, වෙළඳාම් කටයුතු වෙනුවෙන් අතීත‍යේදී මෙරටට පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලද්දේ මෙරට ස්වදේශක පදිංචිකරුවන් විසින් යැයි කීහ. ඔවුන්ට ආරක්ෂාව පමණක් නොව ජීවත්විම සඳහා ඉඩ කඩම් ආදිය ද ඇතැම් පිරිස් සඳහා රැකියා පවා ලබාදී ඇතැයි ද සඳහන් තව දුරටත් කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *