ඩාබිඳු සාමුහීකය 2023 කාන්තා දිනය සාමුහිකව සමරයි – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවට ඩොලර් උපයා දෙන තමන්ගෙන් ගනු ලබන සේවයට නිසි වැටුප් ලබාදෙමින් නිසි ගෞරවය දක්වන්න යන ඉල්ලීම ප්‍රමුඛ කොටගෙන ශ්‍රී ලංකාවෙි වෙළෙඳ කලාප සේවක සේවිකාවන් විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 12වන දා කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දි පැවැත්වූහ.
දිවා රාත්‍රී සේවා මුර සපයමින් සතිය පුරා වෙහෙසෙන වෙළෙඳ කලාප ශ්‍රමිකයින් හට ලැබෙන එකම නිවාඩු දිනය වන ඉරිදා දිනය ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට යොදා ගනු ලැබුවෙි මාර්තු 08 වෙනිදා දවස සතියේ දිනක් බැවින් එදින කාන්තා දින සැමරීමට යොදාගත්තේ නම් ඔවුන්ගේ එදින වැටුප් අහිමිවන නිසා බව ඇතැමි සේවක සේවිකාවන් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
කටුණායක ඩාබිඳු සාමුහිකය විසින් 112 වෙනි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන් පෙරටු කොට ගෙන ඔවුන්ගේ කාලීන අවශ්‍යතා කිහිපයක් ආණ්ඩුවට හා බලධාරීන්ට යොමු කිරීම සඳහා මාර්තු 12 වෙනිදා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර, එය කටුණායක ඇවරිවත්ත මංසන්ධියේ දී පෙරවරු 9.30 සිට 10.30 දක්වා පැයක පමණ කාලයක් පැවැත්විණි.
112 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය සැමරන මෙි මොහොතේ නිදහස් වෙළෙඳ කලාප කම්කරු සේවක සේවිකාවන් විශාල පීඩාවකට පත්වී සිටිනවා. වසර තුනකින් ඔවුන්ගේ වැටුප් වැඩිවී නැහැ. රැකියා අහිමි වූ පිරිසක් සිටිනවා. පාලකයින් වෙනත් රටවල්වලට මෙි කර්මාන්තශාලා ගෙනියන්න සැලැසුම් කරනවා. කමිකරු නීතිය වෙනස්කරන්න සූදානමක් පවතිනවා. පසුගිය වසර තුනක් තුළ මෙි කම්කරුවන් හට ජීවත් වීමට අවශ්‍ය ආහාර සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වුණා. ඔවුන් මෙවැනි ශෝචනීය තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය නැහැ. රටට විනිමය උපයා දෙන මේ සේවකයින් ආරක්‍ෂා කිරීම බලධාරින් ගේ වගකීමක් යැයි ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරික චමිලා තුෂාරී අදහස් දක්වමින් මාධ්‍යට ප්‍රකාශ කළේය.
රට අගාධයට වැටී තිබෙන මේ මොහොතේදීත් රටට විදේශ විනිමය උපයා දෙන වෙළෙඳ කලාප සේවක සේවිකාවින් වෙත , විශේෂයෙන් සේවිකාවන් වෙත යුක්තිය හා සාධාරණත්වය ඉටුකරමින් නිසි වැටුප් ලබාදෙමින් ඔවුන්ගේ රැකියාවේ ගෞරවය රකින්න කියලා රජයෙන් , ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් , කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් සහ කම්කරු දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටිනවා.” යැයි චමිලා තුෂාරි අදහස් දක්වමින් මාධ්‍යට පැවසීය.
වත්මන් ආර්ථීක අර්බුදය හේතුවෙන් විදුලි බිල් , ජල බිල් වැඩී වී , අහස උසට ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බැවින්, වසර 40ක් පුරා අපනයන ආර්ථීකය තුළ මෙි රටට අවශ්‍ය විනිමය උපයා දෙමින් රට ආරක්‍ෂා කරගැනීමට වෙහෙසණූ වෙළෙඳ කලාප සහෝදර සහෝදරියන් ගේ ජීවිත අනාරක්‍ෂිත භාවයකට පත්වෙමින් තිබෙන බව , නිමි භාණ්ඩ, ඇගලුම් හා රෙදිපිළි සේවක සංගමය නියෝජනය කරමින් කාන්තා දිනය සමරන්නට පැමිණ සිටි, ප්‍රසිද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක් වන ලලිතා රංජනී ප්‍රකාශ කළේය.
“රට වෙනුවෙන් ශ්‍රමය සපයන මේ සේවකයින් සියලු දෙනාගේ ම ජීවිත සුරක්‍ෂිත කරන්න කියා අපි රජයෙනුත් අදාළ බලධාරීන්ගෙනුත් අද කාන්තා දිනය පවත්වමින් ඉල්ලා සිටිනවා.” යැයි ඇය වැඩිදුරටත් කීවේය.
නව ලිබරල්වාදි ආර්ථීක ප්‍රතිපත්ති සමගින් මේ දේශපාලන ආර්ථීක ක්‍රමයන් වෙනස්වීම් ඇතුලේ සම්පුර්ණයෙන් ම ශ්‍රමය ස්ත්‍රීකරණය වී අවසාන බවත් එවැනි අවස්ථාවක කාන්තාවගේ ශ්‍රමය සූරාකෑම , අවභාවිතය වැඩිවන තත්ත්වයකට ඔවුන් මුහුණ දෙන බවත් කාන්තා දින උද්ඝෝෂණයට සහභාගී වු ස්ටෑන්ඩ්ප් ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂකවරිය වන අශිලා දන්දෙණිය මොජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
එමෙන්ම, මේ රටේ පවතින ආර්ථීක තත්ත්වය තුළ වැඩුපුරම පීඩාවට පත්වන්නේ කාන්තාවන් බවත් ආර්ථීකය හසුරුවන්නේ කාන්තාව බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා සියලුම කාන්තාවන් ඒකරාශිව නැගීසිටිය යුතු බැවින් අද දවසේ වෙළෙඳ කලාප කාන්තාවන් වෙනුවෙන් තම හඩ අවදි කරන බව ඇය ප්‍රකාශ කළේය.
“ශ්‍රමයට සරිළන වැටුප් ලබාදෙනු” ,” වැඩබිමෙහි හිංසනයට එරෙහි වෙමු “, “කාන්තා අයිතීන්වලට ගරු කරනු” , “අපේ රැකියා සුරක්‍ෂිත කරනු” යනාදි වශයෙන් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ලියා ඇති පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් ඩාබිඳු සාමුහිකය, ස්ටෑන්ඩ්අප් ලංකා ව්‍යාපාරය, ශ්‍රමාභිමානි කේන්ද්‍රය , මානව විමුක්තිය උදෙසා සංවර්ධනය , නිමිභාණ්ඩ ඇගලුම් හා රෙදි පිළි සේවක සංගමය යනාදි සංවිධාන නියෝජිතයින් සහ වෙළෙඳ කලාප සේවක සේවිකාවන් විශාල පිරිසක් 2023 කලාපයේ කාන්තා දිනය සමරන්නට එක්ව සිටියහ.
2022 වසරේ ප්‍රකාශිත ඇතැම් වාර්තාවලට අනුව, කටුනායක, බියගම සහ කොග්ගල අපනයන ප්‍රවර්ධන කලාප තුළ කර්මාන්තශාලා 125 ක කම්කරුවන් මිලියන 9,881 ක් සිටින අතර කම්කරුවන් 76,000 ක් සේවයේ යොදවා ඇත.