ව්‍යාජ දළඳා මාලිගාව සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි – මහනුවර වාර්තාකරු

කුරුණෑගල පොතුහැර ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒකාබද්ධව ජනපතිවරයා වෙත යොමු කළ ලිපිය පසුබිම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඊයේ (12) ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු දියවඩන නිළමේවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පිරිසක ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ,අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම සමඟ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පසුගිය 31 වැනි දින අදාළ ලිපිය ජනපතිවරයා වෙත යොමුකර තිබිණි.
අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා පරීක්ෂණ සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *