මහනුවර බාලිකා පාසලක් අසල ගණිකා ජාවාරමක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

හෝටල් කාමර වෙන්කර ගැනීමෙන් පසු ජංගම දුරකතන මගින් ඉහළ මිල ගණන් වලට තරුණියන් සම්බන්ධ කර දෙමින් මහනුවර මල්වතු මහා විහාරය ආසන්නයේ ගණිකා ජාවාරමක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයා සමඟ අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
සැකකරුවන්ට මෙම මස 13 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සංචාරකයින්ට නවාතැන් සපයන හෝටලයක මුවාවෙන් මල්වතු මහා විහාරය සහ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අතර ඉහළ මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලය සමඟ 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මෙම ස්ථානයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් මුලින් රුපියල් 5000 ක් ගෙවා කාමරයක් වෙන්කර ගත යුතු බවත් පසුව තමන්ට වැය කළ මුදලේ ප්‍රමාණය අනුව එහි හිමිකරු විසින් තරුණියන් ගෙන්වා දෙන බවත් පොලීසිය පවසයි.
මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් උපයා දූතයෙකු යොදවා අදාළ ස්ථානය වටලා තිබේ.
කළමනාකාරුගේ ජංගම දුරකතනයේ ඇති තරුණියන් ගේ ඡායාරූප පෙන් වීමෙන් පසු සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයාට වියදම් කළ හැකි මුදලට අනුව මෙම ස්ථානයේ දී තරුණියන් සපයා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකළ අවස්ථාවේ කළමනාකරු විසින් ගෙන්වා දුන් තරුණිය 22 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රධාන පෙළේ බාලිකාවක විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ තරුණියක් බව පොලීසිය පවසයි. ඇයට කළමනාකරු විසින් රුපියල් 10000 ක මිලක් නියම කර තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *