මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

ගලගෙදර වෑත්තෑව ප්‍රදේශයේ දී මත්කුඩු ග්රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවරින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබේ.
සහකාර පොලිස් අධිකාරී සමන් අංගම්මන මහතාගේ මෙහෙයවීම යටතේ පෙරේදා (07) පස්වරුවේ අදාළ වැටලීම සිදුකර තිබෙන අතර සැකකරු සතුව තිබී ජංගම දුරකතන 07 ක් සහ බැංකු කාඩ්පත් දෙකක් ද පොලීසිය සොයා ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අලදෙණිය පොලීසියට බාර දී තිබේ.
සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේමහනුවරින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ගලගෙදර ප්‍රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 26 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පරීක්ෂක බණ්ඩාර,උප පොලිස් පරීක්ෂක වජිර කුමාර,පොලිස් කොස්තාපල්වරුන් වන 69003 උදය කුමාර,61748 රත්නායක යන නිලධාරීන් අදාළ වැටලීම සිදුකර ඇත.
රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමෙන් පසු අලදෙනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *