දිනය හෙටයි! අයිතීන් ගැන පැමිණිල්ලක්!

හෙට එනම් දෙසැම්බර් 10වෙනි දා පැවැත්වීමට නියමිත ව තිබු ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් වෙන්කර තිබූ ශාලා පහසුකම් ලබානොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.
අදාළ මානව හිමිකම් දිනය සැමරීම සඳහා කල් සිට ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ශාලා පහසුකම් මුදල් ගෙවා වෙන්කරවා ගෙන තිබුණ ද, හදිසියේ ම ඊයේ එනම් දෙසැම්බර් 08වන දා එය අවලංගු කර මුදල් ද ආපසු ගෙවීමට සුදානම් බව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් දන්වා ඇති බව ඔවුන් පවසා සිටියා.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායක මෙන් ම ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසා සිටියේ ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වෙනිදා එනම් හෙට, එය පැවැත්වීම සඳහා අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව මුදල් ගෙවා වෙන්කරවා ගෙන තිබුණේ. සියලු කටයුතු සුදානම්කරලා තිබුණේ. ප්‍රධාන කතිකයෝ දෙන්නා වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් ගණනාවක් මෙම සැමරුමේදී කථා කරනවා.
දේශපාලන පක්‍ෂ වශයෙන් කිසිඳු කතාවක් එහි අන්තර්ගත වී නොමැති බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල පණිවුඩ ගණනාවක් ඉදිරිපත් කරන්නට සැලැසුම්කර ඇතිබවත් ප්‍රකාශ කළ ජෝශප් ස්ටාර්ලින් , එසේ තිබියදී ශාලාව ලබාදීමට නොහැකි බව ත් මුදලත් ආපසු ලබාදීමට තීරණය කර ඇති බවත් දැන්වු බව සඳහන් කළේය.
“අපි අහනවා, BMICH එකේ අපිට මානව හිමිකම් දිනයවත් සමරන්න බැරිනම් මොකක්ද මේකේ තේරුම? පැහැදිළිව ම අපි මේක දකින්නේ රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුවෙි කුමන්ත්‍රණයක් හැටියටයි.” පැවසීය.