ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් ඉන්දියානු සාගරයට පැමිණ යයි – උදාර හේමචන්ද්‍ර

ඇමෙරිකානු සබ්මැරීනයක් ඉන්දියානු සාගරයට පැමිණ ගොස් ඇති බව CNN ඇතුලු ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දිනෙක වාර්තා කර තිබුණා. මෙම සබ්මැරීනය න්‍යෂ්ටික හමුදා සබ්මැරීනයක් වීම ව්ශේෂත්වයක්. මෙලෙස මෙය විශේෂිත කාරණයක් වන්නේ ඉන්දියානු සාගරය කලාපයට මෙලෙස න්‍යෂ්ටික සබ්මැරීනයක් පැමිණීමට ඉතා විරළ සිදුවීමක් ලෙසයි. මෙලෙස පැමිණ ඇත්තේ බැලෙස්ටික් මිසයිල සහිත සබ්මැරීනයක්. මෙය පැමිණි බවට වාර්තා වන්නේ ඔක්තෝම්බර් මාසයේ 25 සිට 31දක්වා ඩියගෝ ගාර්ෂියාර් නම් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි. මෙම දූපතේ ඇමෙරිකාව 1966 සිට හමුදාව කදවුරක් පවත්වාගෙන යනු ලබනවා. ඒ බ්‍රිතාන්‍යයන් 1966දි ඉන්දියානු සාගරයෙන් ඉවත් වීමත් සමගයි. මෙම ඇමෙරිකානු සබ්මැරීන නෞකාව ගැන කලින් හෙළිදරව් කර නොමැත්තේ එහි ආරක්ෂාව හා නිදහසේ නිරික්ෂනයට ලක් නොවී සැරිසැරීමට බව CNN පුවත් සේවය වාර්තා කර තිබුණා. මෙය චීනය ඇතුලු රටවලට කරන ලද අභියෝගයක් ලෙස ඔවුන් නිලවශයෙන් මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා නොදුන්නද මෙය  එක්තරා ආකාරයට චීනයට, රුසියාවට හා උතුරු කොරියාවට කරන ලද අභියෝගාත්මක සංඥාවක් ලෙස ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කර  තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *