” රටක විනයක් තිබිය යුතුයි. ” අමාත්‍ය දිළුම් අමුණුගම – මහනුවර වාර්තාකරු

රාජ්‍ය නොවන සංවිධාන වලට ජත්‍යන්තරයෙන් ගලා එන මුදල් වලින් යැපෙන පුද්ගලයින් මහපාරේ කරන උද්ඝෝෂණ පාලනය නොකර රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි යැයි රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
මහ පාරේ උද්ඝෝෂණ,විරෝධතා තිබෙන රටකට ආයෝජකයින් තබා සංචාරකියන්වත් නොඑන බවත් ඇතැම් පිරිස් වලට අවශ්‍යය වී තිබෙන්නේ පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීම වලක්වා අර්බුදය තව තවත් උත්සන්න කිරීම බවත් ඒ මහතා කීය.
මහනුවර දකුණ ඩිපෝවේ උත්සවයකට සහභාගි වෙමින් ඊයේ (28) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව පැවසුවේය.
රටක විනයක් තිබිය යුතු බවත් ජනපති රනිල් වික්‍රසිංහ මහතා උත්සහ කරන්නේ එම විනය රටේ ස්ථාපිත කිරීමට බවත් කී ඒ මහතා මහ පාරේ ඉඳන් රට පාලනය කරන්නට උත්සහ කරන පිරිස් පිරිස් පාලනය කිරීමට දැඩි පාලනයක් රටට අවශ්‍යය යැයිද අවධාරණය කළේය.
දැඩි පාලනයක් අපේක්ෂාවෙන් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් නමුත් කුමන හෝ හේතුවක් නිසා එතුමා එවැනි පාලනයට නොගිය බවත් වත්මන් ජනපතිවරයා දැඩි තීන්දු ගනිමින් රට ස්ථාවර කිරීමට ගෙනයන පාලනය සම්බන්ධව සතුටු වන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන වල නියමාකාරයෙන් ජනතා කැමැත්ත නිරූපනය නොවන බවත් මේ නිසා පවතින ක්‍රමවේදයෙන් ඉවත්වීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධූරයට පත්වන මොහොතේම පක්ෂයේ මළගම සිදුවන බව තමන් තේරුම් ගත් බවත් එදා එතුමා සමඟ සිටි බොහෝ දෙනෙකුට දැන් එය අවබෝධ වී තිබෙන බවත් කී ඒ මහතා පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දියණිය චන්ද්‍රිකා පක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය අනුමත කළ නොහැකි යැයිද අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *