දින 90 ක් රඳවා තබා ඇති ශිෂ්‍ය නායකයින්ට එරෙහි ත්‍රස්ත චෝදනා අත්හරින්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය – මෙලනි මානෙල් පෙරේරා

රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් හට, හෙට දිනයේ දී දින 90 සපුරයි. එහෙත්, රැඳවුම් කාලසීමාව තවත් දින 90කට දිග් කිරීමේ උත්සාහයක් ඇතිබවට සැකයක් ඇතැයි විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළ අතර, PTA යටතේ එසේ රඳවා සිටීමට ඔවුන් කළ වරද ක-ුමක්ද යැයි ඔහු ප්‍රශ්න කරයි. ක්‍රියාධරයින් දෙදෙනාට එළඹෙන හෙට දවසේදී සිදුවිය හැක්කේ කුමක් ද යන්න පිළිබඳව මහජනතාව තුළත්, නීති ක්‍ෂේත්‍රය තුළත්, විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පසුබිම තුළත් අද කලබලකාරී තත්ත්වයක් පවතියි.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු අතර රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
“ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ සහ පොලිස් ඇමති PTA කියන පනත අතේ තියාගෙන ක්‍රියාත්මක කරන මේ සිස්ටම් එක මොකද්ද කියලා විමර්ශනාත්මකව බලද්දි අපි මේ රටේ මිනිස්සු විධියට පුදුම ලැජ්ජාවක් දැනෙන්නෙ. මොකද මේ බෞද්ධ රටේ බෞද්ධ නායකයෝ මෙච්චර කුරිරුද ? මෙච්චර අධර්මිශ්ඨද කියලා හිතෙනවා.” යැයි සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට කැමැත්තක් නොදැක්වු සමාජ ක්‍රියාකාරිකයෙක් මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි වෙත ක්‍රියාත්මක කරන හිංසනය, ම්ලේඡ්චත්වය රාජ්‍ය ත්‍රස්තවාදය වශයෙන් තමන් හඳුන්වන බව ප්‍රකාශ කළ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, වහාම නවතා දමන ලෙසට අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.
“හෙට වන විට දින වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ රැඳවුම්භාරයේ දින 90 ව සපුරනවා. අපිට ආරංචියක් තිබෙනවා ඒක තවදුරටත් දීර්ඝ කරන්නට යනවා කියලා. මම ඔබතුමාගෙන් බොහෝම කාරූණීකව ඉල්ලිීමක් කරනවා කරුණාකරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ ක්‍රියාත්මක කරන හිංසනය, ම්ලේචඡත්වය නතර කරන ලෙසත් ඔවුන් මුදවා හරින්නට කටයුතු කරන්නැයි කියලා.” යැයි විපක්‍ෂ නායකවරයා කථානායක වරයාගෙන් ඉල්ලා සිටියේය.
“වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ කරපු ත්‍රස්තවාදි ක්‍රියාව කුමක් ද කියලා කරුණාකර මේ සභාවට එළිදරව් කරනවාද ?” යනුවෙන් ද සජිත් ප්‍රේමදාස විසින් ඉල්ලා සිටියේය.
මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් , වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බවත් , ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවත් පවසයි.
ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට පියවර ගත යුතු බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.
ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ප්‍රකාශය සඳහා :