මුදල් අර්බුදය, ශ්‍රී ලංකාවේ සමස්ත අපරාධ වැඩි කරයි – මෙලනි මානෙල් පෙරේරා

පසුගිය වසරේ සිට, පෙර නොවූවිරූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ මෙරට සමස්ත අපරාධවල වැඩිවීමක් දක්නට ඇති බව පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ආර්ථික දුෂ්කරතා හමුවේ දරිද්‍රතාවයට පත් පුරවැසියන් අපරාධ සහ සොරකම්වලට යොමුවීමේ වැඩිවීමක් දැකිය හැකි බව ආර්ථික විද්‍යාඥොයෝ ද පවසති.
පොලිස් මාධ්‍ය කොට්ඨාශයට අනුව වාහන සොරකම්වල වැඩි වීමක් වාර්තා වී ඇති අතර, මේ වසරේ 2022 සැප්තැම්බර් මාසය දක්වා සොරකම් 1,406 ක් වූ අතර, ඉන් බස් රථ 12 ක් , වෑන් රථ 25 ක්, ලොරි රථ 16 ක්, කාර් 14 ක්, ත්‍රිරෝද රථ 311 ක් තිබී ඇත. එමෙන්ම, 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ යතුරුපැදි 1,016 ක් සහ තවත් වාහන 12 ක් සොරකම් කර ඇත.
වාහන ආනයනය නැවැත්වීමෙන් පසු කර්මාන්තය අමතර කොටස් පිරිවැය ඉහළ යාම නිසා වාහන සොරකම් වැඩි වී ඇති බව ප්‍රවාහන සැපයුම්කරුවන් සහ කර්මාන්තය පවසයි.
කොළඹ ප්‍රදේශයේ ජීවත්වන කමල් ක්වින්ටස් පැවසුවේ පසුගිය මාසයේ දිනක, ඉතා ප්‍රසිද්ධ ගාලු පාරේ සාප්පු සංකීර්ණයක් අසල තම යතුරුපැදිය නවතා සිටියදී කිසියම් කොල්ලකරුවෙකු තමාගේ යතුරුපැදියේ පැති වීදුරු දෙකක සහ බයිසිකලයේ එල්ලා තිබූ එළවලු බෑගය කොල්ල කෑ බවයි.
“මම පැමිණිල්ලක් දැම්මා, නමුත් මෙතෙක් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.” යැයි ඔහු කීවේය.
මේ අතර, වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාව මිනීමැරුම් 435 ක් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මිනීමැරුම් ගණන 403 කි. පාතාලයට ඍජුව සම්බන්ධ වෙඩි තැබීම් ද රට තුළ වැඩි වීමක් දක්නට ලැබුණූ බව පොලිස් වාර්තා සඳහන් කරයි.
වර්ධනය වෙමින් පවතින මුදල් අර්බුදය හේතුවෙන් දැඩි ආර්ථීක දුෂ්කරතා හමුවේ දරිද්‍රතාවයට පත් පුරවැසියන් අපරාධ සහ සොරකම්වලට යොමු වීමේ වර්ධනයක් පවතින බව ආර්ථික විද්‍යාඥොයෝ ද පෙන්වා දෙති.
මතුගම ප්‍රදේශයේ පදිංචි, ගව ගොවිපලක හිමිකරුවෙකු වන, 60 හැවිරිදි තිදරු පියෙකු වන කන්දයියා කන්දසාමි, කියා සිටියේ ගවයන්, කුකුළන්, එළුවන් වැනි සත්ව ගොවිතැන්වල නිරත වන ගොවීන් ද සොරුන්ගෙන් ගොවිපලවල් ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවී ඇති බවයි.
“දවල් රෑ කියලා වෙනසක් නෑ. අද කාලේ හොරු ගොඩක් ඉන්නවා, ලංකාවේ මේ ආර්ථික අර්බුදය නිසා. කෑම හිඟයට එරෙහිව සටන් කරන්න සමහරු අපරාධ කරන්නවත් බය නැහැ.” යැයි ඔහු කීවෙිය.
කන්දසාමි තවදුරටත් පැවසුවේ, “දැන් අපේ දෛනික ආහාර වේලට වියදම් කරනවාට වඩා වැඩි මුදලක් අපේ ගොවිපළවල් මංකොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට වියදම් කරන්න සිද්ධවෙලා තියෙනවා.”
“මගේ ගෙදර හැමදාම රෑ ඉඳලා උදේ වනතුරු අපේ හරක් ගොවිපළට ආරක්ෂාව දෙන්න සීසීටීවී කැමරා දෙකක් සහ ලයිට් තුනක් පාවිච්චි කරනවා. දැන් අපේ ලයිට් බිල අපේ සාමාන්‍ය බිලට වඩා රුපියල් තුන්දාහකින් වැඩිවෙලා”, කන්දසාමි පැවසීය.