භූමිතෙල් සඳහා තවමත් සාධාරණ මිලක් ඉල්ලන සුලුපන්න ධීවරයෝ – මෙලනි මානෙල් පෙරේරා

“සමාජයේ දුප්පත්ම මිනිසුන්ට පීඩනයක් එල්ල කරනවා විණා, ආර්ථීක අභියෝග ජය ගැනීම සඳහා ක්‍රම සෙවීමට රජය ධනවතුන්ට අත නොතබන බව ඉතා පැහැදිලි සත්‍යයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජලජීවී වගාවේ ජාත්‍යන්තර වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ධීවරයින්ට (SSF) රජයෙන් ලබා දෙන තෑග්ගද යන්න ජාතික ධීවර සහයෝගීතාවයේ ජාතික කැඳවුම්කරු විමසා සිටියි.
මෙි වන විට, භූමිතෙල් සඳහා සාධාරණ මිලක් ඉල්ලා සිටිමින් සුලුපන්න ධීවරයින් පමණක් නොව පාරිභෝගිකයින් ද යන දෙපිරිස ම පාරට බැස ඇති බවත් , දිළිඳූ ජනතාවගේ අවශ්‍යතාවය මෙසේ පාලකයින් විසින් නොසළකා හරිමින් , සවන් නොදී සිටීම, එක්සත් ජාතීන්ගේ ජලජීවී වගාවේ ජාත්‍යන්තර වර්ෂය වන මේ වසරේදි රජය විසින් සුලුපන්න ධීවරයින් වෙත ලබාදෙන තෑග්ගක් ලෙස සැළකිය හැකි යැයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජාතික කැඳවුමිකරු මෙන් ම ලෝක ධීවර ජනතා සම්මේලනයේ නිත්‍ය සාමාජික හර්මන් කුමාර මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
වර්ථමානයේ දී ශ්‍රී ලංකාව තුළ සුලුපන්න ධීවරයින් මුහුණ දෙමින් සිටින ආර්ථීක සමාජීය ගැටලු පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හර්මන් කුමාර, “සුලුපන්න ධීවරයින් පසුගිය මාස තුනේදී භූමිතෙල් හිඟයෙන් පීඩා වින්දා. ඔවුන්ට ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් නොලැබුණු අතර ධීවරයින්ගෙන් 75% කට වැඩි ප්‍රමාණයක් ධීවර කර්මාන්තය අතහැර දමා තිබෙනවා.”
“ඒ සමගම පසුගිය සති දෙක තුළ දී ප්‍රමාණවත් භූමිතෙල් සැපයුමක් ඉල්ලා පාරට බැස භූමිතෙල් මිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිටියා. කෙසේ වෙතත්, සුලුපන්න ධීවරයින් , ගොවීන් වැනි රට පෝෂණය කරන ආන්තික දුප්පතුන්ට මේ රජය ඇහුම්කන් නොදෙන බව ඉතා පැහැදිළි කාරණයක්. මේ මිල වැඩිවීමත් සමඟ සුලුපන්න ධීවර ජනතාව ඔවුන්ගේ ආර්ථිකය සමඟ තවත් පහත වැටෙනු ඇති.” යැයි හර්මන් කුමාර පැවසූවේය.
එසේම දැරිය නොහැකි මිල නිසා පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන් ද ප්‍රෝටීන් ප්‍රභවයන්ගෙන් අඩු මිලට පවුල් පෝෂණය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටින බව ද ඔහු පැවසීය.