අන්තර්ජාල Z පුස්තකාලයට මුද්‍රා තබයි – බර්නාර්ඩ් එදිරිසිංහ
ලොව පුරා විසිරි සිටින මිලියන ගණනක් පාඨකයින් විසින් නොමිලේ පරිශිලනය කළ Z Library නමින් හැඳින්වු මතභෙදාත්මක අන්තර්ජාල පොත් හා ශ්‍රාස්ත්‍රීය ලිපි එකතුවෙහි නිල ඩොමෙන් නාම අවහිර කිරිම පසුගිය සිකුරාදා ඇමරිකානු FBI විසින් සිදු කළ බව එම වෙබ් අඩවියෙහි බහා තිබු දැන්විමකින් ප්‍රකාශ කොට තිබිණ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබුනේ ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් විවිධ කර්තෘවරුන් විසින් කර තිබු පැමිණිලි වලට ප්‍රතිචාරයක් වශයෙනි.
ප්‍රකාශන හිමිකම් අයිතීන් වෙනුවෙන් පෙනි සිටින්නන් විසින් අන්තර්ජාලයේ විශාලතම චෞර සංස්කරණයන් සහිත විද්‍යුත් ප්‍රකාශන එකතුවක් ලෙස හැඳින්වු මෙම අන්තර්ජාල දත්ත ගබඩාවට මුද්‍රා තබන අවස්ථාවේ දි මිලියන දහයක් පොත් සහ මිලියන අසුහයක ශ්‍රාස්ත්‍රීය ලිපි පාඨකයින් සඳහා නොමිලේ මුදා හැර තිබිණ.
Z පුස්තකාලය මුද්‍රා තබන අවස්ථාව වන විට ලොව විශාලතම අන්තර්ජාල ප්‍රකාශන එකතුව ලෙස වාර්තා තබා සිටියේය.
මෙම පුස්තකාල ඩොමෙනය අවහිර කිරීමේ ප්‍රවෘත්තීයට ප්‍රතිචාර දැක් වු එක් පාඨකයෙක් සිය ටුවිටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ “ ක්‍රි.පු. 5 වන සියවසේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රා හි පිහිටි ගිනිබත් කළා යැයි කලක් විශ්වාස කළ එකළ ලොව විශාලතම පුස්තකාලය අහිමිවිමට සමාන බවයි”.
නමුත් ප්‍රකාශන හිමිකම් අයිතිය වෙනුවෙන් පෙනි සිටින්නන් ඇමරිකානු රජයේ මෙම තීරණය ඉතා ඉහළින් අගය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.