මිනිස් වෙළඳාම පිටු දකිමු – ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය

මිනිස් වෙළඳාම පිටු දැකීම සඳහා නැගෙනහිර පලාතේ විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු යැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය පැවැසුවාය.

ඇය එසේ කියා සිටියේ “මිනිස් වෙළදාමට එරෙහිව රජය සහ ප්‍රජා මුල සංවිධාන සවිබල ගැන්වීම තුලින් වැඩ බලපෑමක් ඇති කිරිම” යන මැයෙන් අම්කෝර් ආයතනය විසින් පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුල සංවිධානය කල විශේෂ හමුවකට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම යාන්ත්‍රණය පලාත් ප්‍රධාන ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලෙසත් ඒ සඳහා පලාතේ සියලු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කර ඔවුන්ගේ සහය ද ලබා ගැනීමට ද කටයුතු කරන ලෙසයි.

මෙහිදි අම්කෝර් ආයතනය මිනිස් වෙළදාම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන මිනිස් වෙළදාම මැඩ පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුම්වත් කිරීම හා වින්දිතයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපකාර කිරීම වැනි ක්‍රියා මාර්ග රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.

මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්. පී. මදනායක, අම්කෝර් ආයතනයේ අධ්‍යක්ෂක පී. මුරලිදරන් හා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වු සංවිධානයේ නැගෙනහිර පලාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරි මයුරින් ලැම්බර්ට් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *