ලිඛිත පොරොන්දුව දෙන තෙක් පේරාදෙණිය පීඨයක් වැසේ – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති,මාධ්‍ය ප්‍රකාශක,මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.

අධ්‍යයන ආරම්භ කිරීම සඳහා මහා ශිෂ්‍ය සංගමය වෙතින් ඉල්ලා සිටි ලිඛිත පොරොන්දුව මෙතෙක් නොලැබීම නිසා මෙම ප්‍රමාදය සිදුව තිබෙන බවද ඒ මහතා කීය. මේවන විට අදාළ පීඨය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වසා දමා සති තුනකට ආසන්න කාලයක් ගතව තිබේ.
සිසුන්ට හිරිහැර කිරීම නතර කරන බවටත් එවැනි දේ කරන සිසුන් වෙනුවෙන් පෙනී නොසිටින බවටත් ප්‍රකාශ කරමින් ලිඛිත පොරොන්දුවක් ලබාදෙන ලෙස මහා ශිෂ්‍ය සංගමය වෙත පාලනාධිකාරිය වෙත දැනුම් දී තිබිණි.
එම පොරොන්දුව ලබාදෙන තුරු අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ආචාර්ය මණ්ඩලය සූදානම් නොමැති බව ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

අදාළ පහර දීම සම්බන්ධයෙන් ආචාර්යවරු,විනයපාලක, ආරක්ෂක ප්‍රධානී හා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයාට බැණ තර්ජනය කිරීම හේතුවෙන් මාර්ග ගත අධ්‍යයන කටයුතු වලින්ද ඉවත් වීමට ආචාර්ය මණ්ඩලය පියවර ගත්තේය.
මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් වෙතින් තමන්ට තර්ජන එල්ල වන බවට ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයා පසුගිය 07 දින පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් මේවන විට විමර්ශනයක් සිදුවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed