අතුරුදන්ව සිටි සිසුවා යළි විශ්ව විද්‍යාලයට – මහනුවර වාර්තාකරු

දින 10 ක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා පෙරේදා (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.
මෙම සිසුවා පසුගිය 02 වැනි දින නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් විය. සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි.
සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.