“අද්‍රව්‍යමය අයිතිවාසිකම්” රැකීම සඳහා , පොලීසිය මිනිසුන්ගේ අයිතිවාසිකම් උදුරා දමයි – මෙලනි මානෙල් පෙරේරා


පොලීසියේ ඒ දැඩි මර්ධනය හමුවේ, අරගලකරුවන් විසින් ගෝලෆේස් පිටියේදි ඔක්තෝබර් 09 දින, පවත්වන්නට සැළසුම් කරතිබුණු “මියගියවුවන් සැමරීමේ අවස්ථාව” සිදුකරන්නට නොහැකිවිය. කිසිඳු මහජන පීඩාවක් නොවන අයුරින් අරගලකරුවන්ට අවැසි ලෙස සැලැසුම් කළ සැමරීමට, පොලීසිය බාධා පැමිණවීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණූසුම් අවස්ථාවන් හටගත්තේය. උරණවු පොලිසියේ උසස් නිළධාරින් පුද්ගලයින් 06 දෙනෙකු ක්ෂණික අත්අඩංගුවට ගත් අතර කුඩා දරුවන් කැටිව සිටි කාන්තාවන්ට හා පිරිමි පුද්ගලයින් වෙත පවා අමානුෂික මර්ධනයක් එල්ල කළේය.

ඔක්තෝබර් 09 වෙනිදා අරගලකරුවන් විසින් ගෝල්ෆේස් නම් වු පොදු මහජනතාවට විවෘත නිදහස් භුමියට පැමිණියේ, දීර්ඝ කාලිනව රටතුළ ක්‍රියාත්මක වූ ආර්ථීක, දේශපාලන සහ සාමාජීය අර්බුදය මූලික කරගනිමින් පසුගිය අප්‍රේල් මාසයේ දි ආරම්භ කළ අරගලයේදි ජීවිතක්ෂයට පත්වුණු අරගලකරුවන් සිහිකිරීමටය. එහෙත්, වරාය අධිකාරිය සහ නගර සංවර්ධන අධිකාරියෙන් පැමිණිලිකර තිබෙන බව ප්‍රකාශ කරමින් මිය ගිය මනුෂ්‍යයින් සිහිකරන්නට ඉඩ දෙනවාට වඩා පොලීසියේ උසස් නිළධාරීන් තීරණය කළේ සිය තරු සිහින සැබෑකර ගැනීමෙහිලා සුවච කීකරුකමින් ගෝල්ෆේස් භ-ුමියේ ටයිල් ටික , තණ නිල්ල ආරක්ෂාකර දීමටය.
ස්ථානයෙන් පිටවන්නට යැයි ලබාදුන් විනාඩි 10ය ගෙවෙන්නට මත්තෙන් පොලීසියේ ලොකු නිළධාරින් යකා නැටීම ආරම්භ කරමින් වෙඩි වැදුණු ඌරන් සේ පිටිය පුරා දුවමින් එකා පිට එකා අත්අඩංගුවට ගන්නත් , කුඩා දරුවන් කැටිව සිටි දෙමාපියන් ලුහුබඳිමින් ඔවුන් ආක්‍රමණය කරන්නටත් වෙහෙස දැරීම ඉතාම අශෝභන මෙන්ම කුරිරු අවස්ථාවන් විය. සිය දෙමාපියන් බිම පෙරලාගෙන වඳ දුන් කාකි ඇඳුමෙි නපුරු විලාසයට කුඩා දරුවෝ භිීතියටත් කමිපනයටත් පත්වුහ.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔවුන් පොලිසියට බැන වැදීම නිසා අත්අඩංගුවට ගත් බවයි. එහෙත්, බැණවැදීමට පදනම් වුයේ කුමක්දැයි විමසන්නේ නමි ,මහජනතාව විසින් පොලීසියේ නිළධාරීන් අත්අඩංගුවට ගැනීම සුදුසු බව කිසිවෙක් නොකියා සිටීවි යැයි කිව නොහැක.
මෙි අතර ශ්‍රී ලංකා මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් යොමු කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , ඔක්තෝබර් 09වන දා ගාලුමුවදොර හටගත් සිද්ධිය සමිබන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භකර ශ්‍රී ලංකා පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල බවට නිර්දේශ කරන ලෙසත් මින් ඉදිරියට සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීමට කටයුතු නොකරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරන ලෙසටත් ඉල්ලා සිටියි.
“ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම මෙම අයිතිවාසිකම උල්ලංඝණය කරමින් පවතී. අද ගාලුමුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට ශ්‍රී ලංකා පොලිසිය බාධා කළ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ සමඟ ඇත. පොලිසිය සාමකාමී උද්ඝෝෂකයන්ට කෘර සහ අවමන් සහගත ලෙස ද සැලකූ අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වූවන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම සජීවීව විකාශය කරමින් සිටි ශිෂ්යයකේ සහ නීතිඥයෙක් ද සිටියි. යනුවෙන් තරුණ ජනමාධ්‍යවේදින් සිය පැමිණිල්ලේ සඳහන් කරයි.”
පසුගිය ඉරුදින පවත්වන්නට සැළසුම්කර තිබු මහජන උද්ඝෝෂණය විසුරුවා හැරියේ කුමන පදනම යටතේද යන්න පිළිබඳව කරුණු ඇතුලත් වාර්ථාවක් පැය 24ක කාලයක් ඇතුලත ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වෙත ඔක්තෝබර් 10වන දා යොමු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිසම් සභාව නිවේදනයක් නිකුත් කරමින් වාර්ථා කර තිබුණී.
