දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන නල්ලතන්නිය පුන්සිසි – චන්දන ජයවීර – හැටන්

නල්ලතන්නිය නඟරයේ පිහිටි “පුන්සිසි” සංචාරක ව්‍යාපාරයට අනුබද්ධිත මෙජිකල් මවුන්ටන් රෙසෝට් (MAGICAL MOUNTAIN RESORTS) සංචාරක නිකේතනය දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මානයෙන් පසුගියදා බංගලාදේශයේ ඩකා අග නඟරයේදී පිදුම් ලැබීය.

බංගලාදේශයේ, ඩකා අග නඟරයේ පිහිටි PAN PACIFIC HOTEL  හිදී  2022 සැප්තැම්බර් 22 දා  පැවති මෙම විශේෂ ඇගයීම් උළෙල සඳහා දකුණු ආසියාවේ රටවල් 08 ක් නියෝජනය කර ඇත.

නල්ලතන්නිය MAGICAL MOUNTAIN RESORTS හි අධිපති විපුල කොඩිතුවක්කු මහතාට මෙහිදී ජාත්‍යන්තර ඇගයිම් සහතිකය හිමිව ඇත්තේ,BEST FOREST BOUTIQUE HOTEL AWARD UNDER TRAVEL @ HOSPITALITY INDUSTRY CATEGORY යටතේය.

විපුල කොඩිතුවක්කු මහතා වසර 25 ක පමණ කාලයක් තිස්සේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින අතර ඒ මහතාගේ නිවාඩු නිකේතනය නල්ලතන්නිය, නඟරයේ සමනළ කන්ද පාමුල මනරම් පරිසරයක පිහිටා ඇත.

වත්මනයේ  සංචාරක ව්‍යාපාරය අවදානම් තත්වයක තිබියදී තම ව්‍යාපාරය සදහා අන්තර්ජාතික ඇගයිමේ සහතිකයක් ලැබීම සම්බන්ධව තමන් දැඩි සතුටට පත්වන බවත්, ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙම ඇගයීම තමන්ට මහත් පිටුවහලක් වන බවත් මෙජිකල් මවුන්ට් රෙසෝට්හී අධිපති විපුල කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed