ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව: යුරෝපීය සංගම් සාමාජික රටවල් බහුතරයක් අත්සන් කරයි

මේ වන විට ශ්‍රී ලංකාව සම්බන්ධව ජගත් මානව හිමිකම් කවුන්සිලය ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව ස්ථිර කරමින් රටවල් 26 ක් අත්සන් කර ඇති ඉන් බහුතරයක් යුරෝපීය සංගම් සාමාජිකත්වය විම විශේෂත්වයකි.
‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ නමින් හඳුන්වා ඇති නව යෝජනවට ප්‍රථමයෙන් අනුග්‍රහය දැක්වුයේ බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ජර්මනිය, කැනඩාව ඇතුලු රටවල් හතක් විසිනි. මේ වන විට අත්සන් කර ඇති යුරෝපීය සංගම් රටවල් වන්නේ ඹ්ස්ට්‍රියාව, බෙල්ජියම,චෙකොස්ලෝවැකියාව, ඩෙන්මාර්ක්, එස්තෝනියාව, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය,ලැටිවියාව,ලිතුවේනියාව, ලක්සම්බර්ග් හා නෙදර්ලන්තයයි.
බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කරන ලද පිටු සයකින් හා ඡේද 42 කින් සමන්විත නව යෝජනාවෙහි ( 50/1) ඡේද 14 ක්ම නව යෝජනා විම විශේෂත්වයකි. මෙම යෝජනාවලිය මගින් 2021 අග භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ පිරිහුණු දරුණු ආර්ථික අර්බුදය සහ එය ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ඇති කර ඇති ප්‍රබල බලපෑම හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඊට අමතරව වර්ධනය වන මිලිටරිකරණය, ආණ්ඩුකරණයේ වගවීමක් නොමැතිකම සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දණ්ඩමුක්තිය ඇතුළුව මෙම අර්බුදයට දායක වී ඇති ආණ්ඩුකරණයේ බිඳ වැටීම සහ වත්මන් අර්බුදයේ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරනය කිරීම ද කැපි පෙනෙයි.
මෙම යෝජනාවලියට පිටු පෑම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනිමේ දි තීරණාත්මක ලෙස බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් ගේ මතයයි.